මගේ පුතාව වැලිපැන්න පොලිසියෙන් ආරක්ෂා කර දෙන්න - රත්නපාල (පියා)


උඩවත්ත කංකානම්ගේ රත්නපාල වයස අවු: 51 යි.විවාහක,දරුවන්: 02 යි.
රැකියාව : කම්කරු’ ලිපිනය : නිවාස 07,හොරවල වත්ත, වැලිපැන්න, 2011.08.23 දින දීය.

උඩවත්ත කංකානම්ගේ ගයාන් මධුසංඛ වයස අවු: 19 යි” ඇඟලූම් කම්හලක සේවය කරයි - මාගේ පුතා වේ.

මාගේ බිරිඳ විදේශ ගතවී ඇත. එම නිසා ඉහත ලිපිනය සඳහන් නිවසේ දැනට අප තාවකාලිකව පදිංචිය අත්හැර ඇත. දැනට මා මාගේ දියණිය වන සන්ධ්‍යාගේ නිවසේ එනම්” අංක 10, මාවතගොඩ, හොරවල” වැලිපැන්න ලිපිනයේ පදිංචිවී සිටින අතර” මාගේ පුතා වන ගයාන් මධුසංඛ මාගේ බිරිඳගේ අයියා වන කුමාරගේ උපුල් ශාන්ත යන අයගේ නිවසේ පදිංචිවී සිටී.

කරුණු එසේ තිබියදී” 2011.08.21 වන දින උදේ මා හට ආරංචි වුණා” ඊට කලින් දින රාත‍්‍රියේදී අප ප‍්‍රදේශයේ පදිංචි උපාලි නමැති අයගේ කඬේ බිඳ ඇති බව’ 2011.08.21 වන දින හැන්දෑවේ මට ආරංචිවුණා පොලිස් නිලධාරින් මාගේ වසා ඇති නිවසට ගොස් මාගේ කිසිදු අවසරයක් නොමැතිව ගේ පරික්ෂාකර ඇති බවත්” පොලිස් සුනඛයෙකුද රැගෙන ඇවිත් තිබුණු බවත්’

එම පොලිස් නිලධාරින් කණ්ඩායම ගිය පසු එදින සවස නැවතත් වැලිපැන්න පොලිසියේ නිලධාරින් ගමේ ළමුන් සෙල්ලම් කරන පිට්ටනියට ඇවිත් පුතාගේ මිතුරෙකු වන රසිකගෙන් පුතා ගැන විමසා ගොස් ඇත. රසික නමැති අය විසින් මාගේ පුතාව හමුවූයේ නැති බව දන්වා ඇත. නැවතත් එදිනම ටික වෙලාවකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු මාංචු කුට්ටම්ද අතැතිව පැමිණ රසික යන අයගෙන් මාගේ පුතා ගැන විමසා ඇත. ඒ අවස්ථාවේදීත් ඔහු හමුවූයේ නැති බව දන්වා ඇත. එවිට එම නිලධාරින් පරිස්සම් වෙලා හිටපන් යනුවෙන් රසිකටද තර්ජනය කර ගොස් ඇත.

පසුව එදින හැන්දෑවේ මා හට දැනගන්නට ලැබුණේ උපාලි නමැති අයගේ කඬේ හොරු කැඞීම සම්බන්ධව මාගේ පුතාව සැක කරන බවත්” මාගේ ගෙදර පොලිස් නිලධාරින් පරික්ෂා කර ඇති බවත්ය.

2011.08.22 වන දින මාගේ පුතා රැකියාවට ගිය බවත්” මා ද එදින රැකියාවට ගියා’ එදින සවස 4’30 ට පමණ නීතිඥ අජිත් ප‍්‍රියන්ත පිටියගේ මහතා සමග මගේ පුතාව පොලිසියෙන් සෙවීම සම්බන්ධව දැන ගැනීමට මමත් පුතාත් වැලිපැන්න පොලිසියට ගිය බවත්” ඒ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටි බවත්” ඒ අවස්ථාවේ රිසව් එකේ සිටි නිලධාරියා හා තවත් නිලධාරියෙකු ප‍්‍රකාශකර සිටියේ වගකිව යුතු නිලධාරියෙකුත් නෑ” ස්ථානාධිපතිවරයාගේ නියෝගයකුත් නෑ” ස්ථානාධිපතිවරයාත් නෑ” ඒ නිසා ප‍්‍රකාශ ගැනීමට හෝ බාර ගැනීමට නොහැකි බවත්ය.

පසුව අප ගෙදර ගිය බවත්” එදින රාත‍්‍රියේම 11.30 ට පමණ එම පොලිසියේ උප පොලිස් පරික්ෂක ධර්මසේන ඇතුළු තවත් නිලධාරින් දෙදෙනෙකු මාගේ මස්සිනා වන කුමාරගේ උපුල් ශාන්තගේ නිවසට පැමිණ මාගේ පුතා ගැන විමසා ඇති අතර” ඒ අවස්ථාවේ පුතා නිවසේ නොසිටි අතර” ඔහු නැති බව මගේ මස්සිනා දැනුම්දී ඇත.

එවිට එම නිලධාරින් දන්වා ඇත්තේ හෙට උදේට ආවොත්” පොලිසියට එන ලෙස දන්වන ලෙසත්” ලෝයත් එක්ක එන්න අවශ්‍ය නැති බවත්” කඩෙන් ගත්තු බඩු ටිකත් අරගෙන එන ලෙසත් දන්වා ඇත. එවිට මස්සිනා පොලිසියට දන්වා ඇත්තේ” එම කඩය කඩපු දින රාත‍්‍රියේ ඔහු ගෙදර එනවිට ? 10.00 පමණ වූ බවත් ඒ අවස්ථාවේ ගයාන් ගෙදර නිදා සිටි බවත්” ගයාන් එයට සම්බන්ධයක් නොමැති බවත්ය.

එවිට එක් පොලිස් නිලධාරියෙකු මාගේ මස්සිනාට තර්ජනය කර ඇත’ එයා ගැන අපි දන්නවා යනුවෙන් ප‍්‍රකාශකර ගොස් ඇත.

පසුදින උදේ එනම් අද දින (2011.08.23) වන දින* උදේ 8’00 පමණ මාත් මගේ පුතාත් නීතිඥ අජිත් ප‍්‍රියන්ත පිටියගේ මහතා සමග වැලිපැන්න පොලිස් ස්ථානයට ගිය බවත්” ඒ අවස්ථාවේ ස්ථානාධිපතිවරයා පැමිණ සිටියේ නැති බවත්” නීතිඥ මහතා අපරාධ අංශයේ පොලිස් සැරයන් පේ‍්‍රමසිරි නමැති අය සමග කතා කළ බවත්” පසුව ඔහු පැමිණ ප‍්‍රකාශකර සිටියේ” අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පවසා සිටින්නේ මේ දෙන්නාව අවශ්‍ය නැති බවත්ය’ පසුව අපි නැවතත් ගෙදර පැමිණියා.

නමුත් මාගේ පුතාව පොලිසිය නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසා කිරීමට උත්සාහ කරාවී යන බවට මා හට සැකයක් පවතී.

තවද මාගේ පුතා කිසිදු නීති විරෝධී ක‍්‍රියාවකට සම්බන්ධ නොමැති බවද ප‍්‍රකාශ කරමි.

එබැවින් මා ඉල්ලා සිටින්නේ,

1. මාගේ පුතාව නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධහිංසා කිරීමට වැලිපැන්න පොලිසිය දරන උත්සාහය වහාම නතර කරන ලෙසත්,

2. එම නිලධාරින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත්,

3. මටත් මාගේ පුතාටත්” පවුලේ අයටත් අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙසත්ය.

යූ.කේ. රත්නපාල
Tell a Friend