අහෝ නිව්ටන් ඔබ මෙතරම් අවාසනාවන්ත වුයේ මන්ද ?

අමිල ගුණරත්න

2009.08.12 වැනි දින හෝ ඊට ආසන්න දිනකදි අඟුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසියේ ස්‌ථානාධිපතිවරයා ලෙස සේවය කළ පොලිස්‌ පරීක්‌ෂක ටී. ඩී. නිවුටන්ට මරණිය දණ්ඩනය පමුණුවා තිබේ. ලංකාවේ මිනි මරණ සෑමදෙනාම පෝරකයට (ලංකාවේ පෝරකය තාවකාලිකව අක්‍රිය කොට තිබේ, නමුත් අධිකරණ පද්දතියට පිටින් ඇතැම් විට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක වේ ) හෝ ජිවිතාන්තයට සිරගත වන්නේ නැත. උදාහරණයක් ලෙස පිළියන්දල නාම්පමුණුව මිනීමරුමට චෝදනා ලද හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කස්ත්‍රිආරච්චි මිනිමරුමෙන් නිදහස් වුවා පමණක් නොව රත්මලාන ප්‍රධාන සංවිධායක තනතුරෙන්ද පිදුම් ලැබුවේය. සරසවි සිසුවෙකුගේ වූ ත්‍රීමා විතාන ගේ හිසට පරාල ඇණ ගැසූ සුසන්ත පුංචිනිලමේ අද නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. 1988-89 කාලයේ දේශප්‍රේමී වෙඩි උණ්ඩ ජනතා ශරීරගත කොට හා මිනිසුන්ගේ බෙලි කපා ජනතාවට විමුක්තිය දුන් ගහලයන්ද අද සුවසේ සිටිති. නමුත් මිනීමැරුවාට නිවුටන්හට මරණිය දණ්ඩනය ලැබුණි. අහෝ නිව්ටන් ඔබ මෙතරම් අවාසනාවන්ත වුයේ මන්ද ?

Tell a Friend