ආශ්චාර්යයෙන් කොරියාවට පලා යාමේ අරගලය.

ත්‍රිමාණ විසිනි

මේ රටේ වැඩි පුරම ඉන්නේ දේශහිතයිෂීන්ය. මේ දේශහිතයිෂීන් මේ රටට කොපමණ ආදරේ දැයි අපට ඊයේ බම්බලපිටිය පොලිස් කේෂත්‍ර බලකා මුලස්ථානය අසලදී දැක ගන්නට අවස්ථාවක් උදා විය. ලෝකෙන් උතුම් රට ලංකාවයි. තුන් හෙලේ කැළෑතුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින්. බටහිර කුමණ්ත්‍රන අධිරාජ්‍යවාදී ගැත්තෝ සුද්දන්ට කඩේ යන දේශදෝහියෝ එකි මෙකි නොකී නොයෙක් කථා කියමින් මෙරට ඊනියා සුචරිතවාදී සිංහල බෞද්ධ සරණාගතයෝ ඇත්තටම දතකට මැද බලා සිටින්නේ පිටරටකට ගොස් සැපසේ ජීවත් වන්නට අවස්ථාව උදාවන තුරුය.

මේ ඇත්ත ඇස් දෙකෙන්ම දැක ගන්නට අපට අවස්ථාව උදා වූයේ කොරියානු රැකියා අයදුම්පත් ලබා ගන්නට පොර කෑ තුන් හෙලේ කැලෑ තුල සිටින සිංහ පැටව් නැටූ නාඩගම දැකීමෙනි. ජීවිතය පරදුවට තබා කොරියාවට යන්නට අයදුම්පතක් ගන්නට දගලන මේ උදවියම ප්‍රභාකරන් මියගිය මොහොතේ කිරිබත් කමින් රතිඥ්ඤා පත්තු කළහ. දරුස්මාන් වාර්ථාවට එහෙිව පෙළපාලී ගියෝය. විමල් වීරවංශ සමග උපවාස කලෝය. නලින්ද සිල්වා සමග බටහිර අධිරාජ්‍යවාදයට දොස් කීවෝය. දැන් ඒ සියල්ල පසෙකලා කොරියාවෙි වැඩි පඩියට කූලි වැඩට යන්නට පොරකණවෝය.

මහින්ද රාජපක්ෂ මේ රට දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත් කරවන තුරු බලා හිදිමින් රාජපක්ෂලාට ඡන්දය දුන්නේද මේ දේශප්‍රේමී බලවෙිගයන් විසිනි. ඉතින් මහින්ද රාජපක්ෂ දැන් මේ රට දකුණු ආසියාවේ ආශ්චර්ය කරන්නට අවශ්‍ය කර්තව්‍යයෙන් සිටයට අනුනවයක්ම අවසන් කර තිබියදී මේ රට හැර කොරියාවට යන්නට මිනිසුන් මේ තරම් දගලන්නේ ඇයි?

සාමාන්‍යයෙන් ඉස්සර ඉතා නරක නොදියුණු රටක් සේ සැලකුණ කොරියාවට තිබුනේ නොවැදගත් තැනකි. සාමාන්‍ය ව්‍යවහාරයේදී තවමත් මුඩුක්කු සමාජයන් අප හදුන්නේනේ කොරියාව යන නමිනි. නමුත් මේ කොරියාව දියුනු යැයි සිතා සිටි ලංකාවට වඩා බොහෝ සෙයින් සංවර්ධනය විය. ඉතින් දැන් ලංකාවේ වැඩි දෙනෙක් කැමති වැඩි පඩියට කොරියා යන්නටය.

හෙට දිනයේ යම් හෙයකින් ඇමෙරිකාව එංගලන්තය ඔස්ට්‍රෛලියාව කැනඩාව වැනි රට වලින් ලංකාවේ ඉල්ලුම් කරණා සියලු දෙනාට පුර වැසිභාවය ලබා දෙනවා යැයි ප්‍රකාශ කළ හොත් මෙරට ජන ගහනයෙන් සියයට අනුනවයක්ම දෙදහස් පන්සීයක උරුමය සිංහල ජාතිය සම්බුද්ධ ශාසනයේ චිරස්තිතිය යන සියල්ලම අලුයම ලු කෙල පිඩක් සේ ඉවත දමා එම රටවලට සංක්‍රමණය වන බව සහතිකය.

එවැනි වාසනාවක් නොලැබෙන නිසා හිතින් බැන බැන බොරුවට මේ රටට ආදරය කරමින් දෙමල ජනතාව තලා පෙලා පීඩනයට පත් කරමින් ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් පැහැර ගනිමින් ග්‍රෝතිකයන් සේ දිවිගෙවයි. අපි නොවිදින බටහිරයා විදිනවා ඇතැයි අප උපකල්පනය කරන විනෝදය කුමක් දැයි සිතමින් බටහිරයාට වෛර කරන ඊනියා සිංහල දේශප්‍රේමීන්ගේ සුනඛ රංගනය පොලිස් කේෂත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිටදී කදිමට නිරූපණය වූ අයුරු අප දුටිමු.

ලංකාවේ සැබෑ දේශප්‍රේමීන් යනු පලමු මොහොතේ තමන්ට අවස්ථාව ලද සැනින් රට අතහැර යන පිරිසක් බව ඔප්පු කරන්නට මේ සාක්ෂි හොදටම ප්‍රමාණවත්ය.

Tell a Friend