බුදුන්ට උපදෙස් දුන් වයිමාගේ සොහොයුරා

ත්‍රිමාණ විසිනි


කලක් සක්කරයාගේ පුත්‍රයාටවත් කළ නොහැක් වැඩ කළ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා නවතම වාර්ථාවන්ට අනුව සම්බුද්ධ ශාසනය පිහිටුවන්නට හා බණ දේශණා කරන්නට බුදු රජාණන්වහන්සේටත් උපදෙස් ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරණු ලැබූ නිවේදනයක දැක්වේ.

එම නිවෙිදනය අනුව බුදු රජාණන්වහන්සේට බණ දේශණාකරන්නට උපදෙස් ලබාදී ඇත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසිනි. කළක් මේ ඇමතිවරයා කළ කී දෑ සිහිකරණ විට මෙය මුසාවක් යැයි කියා ඉවත දමන්නට අපට නොහැකිය. ඉතින් නිළධාරීන් විසින් ඇමතිවරුන්ට වන්දනාමාන කිරීම නිසා සුදුවන අලකලංචි වලට බුදු රජාණන්වහන්සේ පවා ජෝක් වී යන ලෝකයේ තිබෙන එකම රටෙන් වාර්ථා වන මේ ප්‍රවෘත්තිය පහත පරිදි වේ.

මේ බව දැක්වෙන්නේ ශ්‍රී සම්බුද්ධ දේශනාවට හා භික්ෂූ ශාසනයට 2600 වසරක් සම්පූර්ණවීමේ සිද්ධිය සමරනු පිරිස පෙරහැරක් පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍යංශ නිලධාරීන් වෙත දන්වා යවා ඇති ලිපියකය.

එහි දැක්වෙන්නේ “අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් පරිදි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කළ” බවයි. අදාළ වාක්‍ය සම්පූර්ණ වශයෙන් මෙසේය. “ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ උපදෙස් පරිදි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මය දේශනා කොට 2600 වසරක් සම්පූර්ණවීම හා භික්ෂු ශාසනය ආරම්භ වී වර්ෂ 2600ක් සම්පූර්ණ වීම අනුස්මරණය කිරීමේ මහා ශිෂ්‍ය පෙරහැරක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.”

මෙහි ඇති සුවිශේෂී කරුණ වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේම ලිපියක මෙවැනි බරපතල දෝෂයක් පැවතීමයි. අධ්‍යාපන අමාත්‍යවරයාගේ නම මුලට යෙදීමේ අවශ්‍යතාවය නිසා මෙම බරපතල වරද සිදුව ඇති බව විමසිල්ලෙන් බලන්නෙකුට පෙනේ.

Tell a Friend