පානදුර පොලිසියේ මුබාරක් හැදුනුම්පත් කොල්ලයක.

පානදුර දකුණ පොලිසියේ සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මුබාරක් නැමැති අය මාගේ ජාතික හැඳුන්ම්පත මාගෙන් ලබාගත් බවත්, ඔහු එය අසල තිබූ පොතක් තුලට දමාගන්නවා මා දුටු බවත්, අනතුරුව මා නැවත එය ඉල්ලූවිට ඔහු වංචනික ලෙස මාහට එය ලබා නොදුන් බවත් මා තරයේ ප‍්‍රකාශ කර සිටිමි.

විදානලාගේ ප්‍රියන්ත ප්‍රනාන්දු, අවු: 40යි, විවාහක, දරුවන් 03යි, රැකියාව : ව්‍යාපාරික.
ලිපිනය : 158/සී, පුංචිදෙණිය, කුරුප්පුමුල්ල, පානදුර

වන මා මෙසේ ප‍්‍රකාශ කර සිටිමි. 2011.08.23 දිනදීය.

අද දින එනම් 2011.08.23 දින , පෙ:ව:9.30 පමණ, මට එරෙහිව ජයන්ති මල්ලිකා නැමැති අයකු විසින් පානදුර දකුණ පොලිසියේ කර තිබූ පැමිණිල්ලක් මත, එම පැමිණිලි විභාගයට මා හා මාගේ බිරිඳ වන අයෝනි පෙරේරා පානදුර දකුණ පොලිසියට ගියා.

මා ජයන්ති මල්ලිකා නැමැත්තියගේ නිවසක කුලියට වෙසෙන අතර, ගෙවල් කුලී ප‍්‍රශ්ණයක් මත ඇය මට එරෙහිව පැමිණිල්ලක් කර තිබෙනවා.

පැමිණිල්ල විභාග කරනු ලැබුවේ සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මුබාරක් නැමැති නිළධාරියෙකි. පැමිණිලි විභාගයේදී මුබාරක් නැමැති නිලධාරියා ජයන්ති මල්ලිකා නැමැත්තියට පක්ෂපාතීව කටයුතු කරනු ලැබූ අතර, ඔහු මාහට කතා කිරීමට ඉඩ දුන්නේද නැත. මා කතාකරන විට ”ඔහොම ඉන්නවා ඕයි” ආදී වශයෙන් අපහාසාත්මක අයුරින් ඔහු මට කතා කලා.

ඔහු නීති විරෝධී ලෙස කටයුතු කිරිම නිසා මා ඔහුට කටඋත්තරදීම ප‍්‍රතික්ෂේප කලා. මා පොලිස් අධිකාරී වෙත ගොස් කටඋත්තර දෙන බව මා ප‍්‍රකාශ කර සිටියා.

පසුව ඔහු හැඳුනුම්පත ඉල්ලා සිටි අතර, මාගේ බිරිඳ වන අයෝනි පෙරේරා ද මා සමග සිටි නිසා, මා මාගේ හා බිරිඳගේ හැඳුනුම්පත් එම නිලධාරියාට ලබාදුන්නා. එවිට ඔහු ”මේක ඕනා නැහැ” කියමින් මාගේ බිරිඳගේ හැඳුනුම්පත ඇය වෙත විසිකර දැමුවා. ඔහු මාගේ හැඳුනුම්පතෙහි තොරතුරු සටහන් කරගෙන, මාගේ හැඳුනුම්පත ඔහු ලග තිබූ පොතක් ඇතුලට දමා ගත්තා.

මා එතැනින් නික්ම පොලිස් අධිකාරි කාර්යාලයට යාමට සූදානම් වෙමින්, ඔහුගෙන් මාගේ හැඳුනුම්පත ඉල්ලා සිටියා. එවිට මුබාරක් නැමැති නිලධාරියා පවසා සිටියා මට එය නැවත ලබාදුන් බව. නමුත් මාහට එය නොදුන් නිසා මා එ බව ඔහුට පවසා, ඔහු ඉදිරියේ අපගේ පසුම්බි පවා පරීක්ෂා කර පෙන්වා සිටියා. ඔහු තරයේ ප්‍රකාශ කර සිටියේ මට එය නැවත දුන් බවයි.

පසුව මා හා මාගේ බිරිඳ මේ බව පැමිණිලි කිරීමට පොලිස් අධිකාරි කාර්යාලයට ගියා. නමුත් පොලිස් අධිකාරීවරයා නොසිටි බැවින් නැවත මා හා බිරිඳ මුබාරක් නැමැති නිලධාරියා වෙත පැමිණ හැඳුනුම්පත ඉල්ලා සිටියා. ඔහු එවරද පැවසුවේ මට එය ලබාදුන් බවයි. එ් අවස්තාවේ මා ඔහුට පවසා සිටියා ඔහු පොතක් තුලට එය දමාගත් බව. ඔහු එවිට මට පොත් පෙරලා පෙන්නුවද හැඳුනුම්පත තිබුනේ නැහැ.

පසුව මා හා බිරිඳ එතැනින් පිටව, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ගියා. එසේ ගොස් සිද්ධිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට පවසා සිටියා. එ් අවස්තාවේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසා සිටියේ හැඳුනුම්පත නැතිවී ඇති බවට පැමිණිල්ලක් කර ඔහුට දැනුම් දෙන ලෙසත්, අලූතින් හැඳුනුම්පතක් ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවත්ය.

පානදුර දකුණ පොලිසියේ සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මුබාරක් නැමැති අය මාගේ ජාතික හැඳුන්ම්පත මාගෙන් ලබාගත් බවත්, ඔහු එය අසල තිබූ පොතක් තුලට දමාගන්නවා මා දුටු බවත්, අනතුරුව මා නැවත එය ඉල්ලූවිට ඔහු වංචනික ලෙස මාහට එය ලබා නොදුන් බවත් මා තරයේ ප‍්‍රකාශ කර සිටිමි.

මුබාරක් නැමැති නිලධාරියා මාගේ හඳුනම්පත එලෙස වංචනික ලෙස පැහැරගත්තේ කුමන අරමුණකින්ද යන්න මා නොදනිමි. නමුත් මාගේ හැඳුනුම්පත උපයෝගී කරගෙන යම් අපරාධයක් කිරීමටද, යම් අපරාධයකට මා හසු කිරිමටද ඔහුට හැකියාව තිබේ.

පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත වංචනික ලෙස පැහැර ගැනීම ද අපරාධයකි.

එමෙන්ම පානදුර දකුණ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද ඔහුගේ නිලධාරියාගේ වංචනික ක‍්‍රියාව සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගෙන, මාහට අලූතින් හැඳුන්ම්පතක් සෑදීමට උපදෙස් දීම මගින් ඔහුද මෙම අපරාධයට හවුල් වූ බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,

1. මාගේ ජාතික හැඳුන්ම්පත වංචාකාරී ලෙස පැහැරගත් පානදුර දකුණ පොලිසියේ සු`ඵ පැමිණිලි අංශයේ
ස්ථානාධිපති මුබාරක් හා ඊට අනුබල දෙමින් කටයුතු කරන ලද පානදුර දකුණ පොලිසියේ මූලස්ථාන පොලිස්
පරීක්ෂකවරයාට එරෙහිව නීතිමය හා විනායානුකූල පියවර ගන්නා ලෙසත්,

2. මුබාරක් නැමැති නිළධාරියා විසින් මාගෙන් වංචා සහගත ලෙස පැහැරගත් මාගේ ජාතික හැඳුනුම්පත මා
වෙත ලබාදීමට කටයුතු කරනා ලෙසත්ය.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.

ප්‍රියන්ත ප්‍රනාන්දු
Tell a Friend