මිගලෑව පොලිසිය 29 හැවිරිදි තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි.

එ් සමගම අනෙක් අයද මා වටකරගෙන මට අමානුෂික ලෙස පහර දෙන්නට වුනා. ඔවුන් මාගේ හිසට, මුහුණට හා ශරීරයේ සෑම තැනටම අමානුෂික ලෙස පහර දුන්නා.

රත්නායක මුදියන්සේලාගේ සම්පත් සුරංග රත්නායක, අවු: 29යි, අවිවාහක, රැකියාව : රියදුරු ලිපිනය : 314/1/24, මීගලෑව, ගල්ගමුව. වන මා මෙසේ ප‍්‍රකාශ කර සිටිමි. 2011.08.23 දිනදීය.

2011.08.11 දින, මීගලෑව පිට්ටනියේ - හිරු එෆ්.එම්.නාලිකාව මගින් පවත්වන ලද සංගීත සංදර්ශණයක් පැවති අතර, මා එය නැරඹීමට රාත‍්‍රී 7.30 පමණ එහි ගියා.

මා එය නරඹමින් සිටියදී, රාත‍්‍රී 9.30 - 11.00 අතර කාලයේදී, මා දුටුවා සිවිල් ඇඳුමින් සිටි හය දෙනෙකු පමණ වන පිරිසක් අවුරුදු 15-17 පමණ තරම් වන තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී ඇදගෙන යාමට සූදානම් වනවා. එහි සිටි තවත් තරුණයෙකුද ”අනේ අයියේ අපේ මල්ලිට ගහනවා” යනුවෙන් මා සමග පවසා සිටියා. එවිට මා දුටුවා එම තරුණයින්ට පහරදෙමින් ඇදගෙන යාමට සූදානම් වන පිරිස අතර, මීගලෑව පොලිසියේ පියදාස නැමැති නිලධාරියාද සිටිනවා. ඔහු සිටියේද සිවිලූ ඇඳුමින්.

මා එතනට ගොස් එක් අයෙකුගෙන් ”මොකද” කියා සුහඳව විමසා සිටියා. එවිට ඔහු ”ඇයි උඹට මොකද” කියා මාගෙන් තරජණාත්මකව වමසා සිටියා. මා පවසා සිටියා ”නැහැ, මොකක්ද සිද්ධිය කියලයි ඇහුවේ” කියා.
පසුව මා පොලිසියේ බව දන්නා නිලධාරියාට පවසා සිටියා ”මහත්තයා ගහන්න එපා, පවුනේ පොඩි අයනේ ” කියා. එ් අවස්තාවේ එක් පුද්ගලයකු එක වරම මාගේ දකුණු ඇහැ අසලට හා කම්මුල් දෙපැත්තට අත මිටි මොලවා තදින් පහර දුන්නා.

එ් සමගම අනෙක් අයද මා වටකරගෙන මට අමානුෂික ලෙස පහර දෙන්නට වුනා. ඔවුන් මාගේ හිසට, මුහුණට හා ශරීරයේ සෑම තැනටම අමානුෂික ලෙස පහර දුන්නා. මා මීගලෑව පොලිසියේ බව දන්නා පියදාස නැමැති නිලධාරියා මට පහර නොදුන්නද ඔහු ඇතු`ඵ අනෙක් අය පසුව මාව ඇදගෙන ගොස් ජීප් රථයට දමා ගැනීමට සූදානම් වුනා. නමුත් මා ජීප් රථයට නැගීම ප‍්‍රතික්ෂේප කරමින්, ඔවුන් සමග පොරබදා ජීප් රථයට නග්ගවා ගැනීම වැලැක්වූවා. ඔවුන් අනෙක් තරුණයින් දෙදෙනාවද ජීප් රථයට නග්ගවා ගත්තා. එ් අවස්තාවේ මට වැටහී ගියා අනෙත් තරුණයින් දෙදෙනාට හා මට පහර දුන් පිරිස මීගලෑව පොලිසියේ නිලධාරීන් බව. ඔවුන් සිය`ඵම දෙනා දැඩිව මත්පැන් පානය කර තිබුණා. ඔවුන් ලඟ මත්පැන් ගඳ වහනය වුනා. පසුව මා ඔවුන්ගෙන් මිදී අවශ්‍යනම් නිවසට එන ලෙස පවසා මා නිවසට ගියා. නමුත් කිසිවෙක් නිවසට ආවේ නැහැ.

අමානුෂික ලෙස පහරදීම් නිසා මාගේ ඇස, හිස සහ ශරීරියම වේදනා දෙන්නට වුනා. එබැවින් මා 2011.08.13 දින අනුරාධපුර ශීක්ෂණ රෝහලට ගියා. පොලිසියෙන් පහරදුන් බව වෛද්‍යවරුන්ට ප‍්‍රකාශ කලා. මාව එහි 11 වන වාට්ටුවට ඇතුලත් කලා. 2011.08.14 දින රෝහල් පොලිසිය විසින් මාගෙන් කටඋත්තර ලබාගත්තා. පොලිසියෙන් පහරදුන් බව මා පවසා සිටියා. පසුව එදිනම (14 දින)* මාව රෝහලේ 14 වැට්ටුවට මාරු කලා. ඇස ඉදිමී රතුපැහැ ගැන්වී අධික වේදනා දෙන්නට වූ නිසා මාව ඇස් සම්බන්ධ සායනයට යොමු කලා. ඇසට දැමීමට බෙහෙත් දුන්නා. මාගේ මුහුණ කකුල් ආදියද ඉදිමී තිබුනා. මාගේ උදරය ප‍්‍රදේශයේ වම් ඇලයට වෙන්න අධික වේදනා දෙන්නට වූ නිසා එහි  කිරණ ලබා ගත්තා.

2011.08.15 දින - අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මා පරීක්ෂා කරනු ලැබුවා. පොලිසියෙන් පහරදුන් බව මා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ප‍්‍රකාශ කර සිටියා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මා පරීක්ෂා කර බලා එ්වා සටහන් කලා.

අනතුරුව එදිනම එනම් 2011.08.15 දින සවස මාගේ ටිකට් කැපුවා. මට රෝහලින් බෙහෙත් නියම කල අතර, ඇස් සම්බන්ධ සායනයට පැමිණීමට දැනුම් දුන්නා.

මා පසුව දැනගත්තා මට පහරදුන් නිලධාරින් අතර, මීගලෑව පොලිසියේ චමල්, සුනිල්, පුෂ්ප කුමාර හා නිහාල් යන නිලධාරීන් සිටි බව. අනෙක් අයගේ නම් නොදන්නාමුත් දුටුවොත් අඳුනාගත හැකිය.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, මීගලෑව පොලිසියේ ඉහත කී චමල්, සුනිල්, පුෂ්ප කුමාර, නිහාල් හා පියදාස යන නිලධාරින් ඇතු`ඵ තවත් නිලධාරීන් නීති විරෝධී ලෙස කටයුතු කරමින්, මාහට අමානුෂික ලෙස පහරදුන් බවත්, මාගේ මූලික අයිතිවාසිකම් කඩකරන ලද බවත්ය.

මේ වන විට මීගලෑව පොලිසියේ නිලධාරීන් මාහට නොයෙක් දෙනා අත පණිවුඩ එවමින්, සමථ වන ලෙසට බලපෑම් කරයි. එ් අතර එම පොලිසියේම නිලධාරියෙකුද වෙයි.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙස කටයුතු කරමින්, මාහට අමානුෂික ලෙස පහරදුන් - මීගලෑව පොලිසියේ ඉහත කී සිය`ඵම නිලධාරීන් හා නම් නොදන්නාමුත් දුටුවොත් අඳුනාගතහැකි නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්, මට සාධාරණය ඉටු කරනා ලෙසත්ය.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.

ආර්. එම්. සම්පත් සුරංග රත්නායක
Tell a Friend