" කෝ ගනින් මුව, මට දැන් වෙලාව හරි සෙල්ලම් කරන්න ඕන"- රත්තොට පොලිසිය.

හර්ෂි සි. පෙරේරා

මදුර ඉරෝෂන් ජයවර්දන මාතලේ අළුහුණු නිෂ්පාදනයේ යෙදෙන වියාපාරිකයෙකි. ඔහු 34 හැවිරිදි එක් දරු පියෙකි.

2011.08.03 වන දින මදුරව රත්තොට පොලිසියට කැදවන ලදී. ඒ මදුරගේ බයිසිකලය සොරාගත් සන්කර්ව අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඔහුගෙන් කටඋත්තරයක් ගැනීමටය. පසුව පොලිසිය සන්කර්ව සහ මදුරව මදුරගේ නිවසට ගෙන ගොස් නිවස සෝදිසි කරනු ලැබිණි.

පොලිසිය සෝදිසි කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාව රත්තොට පොලිසියට නැවත ගෙන ගිය අතර එවන විටත් රත්තොට පොලිසිය සන්කර්ට ඉතා දරුණු ලෙස වදහිංසා පමුණුවා තිබිණි.

" කෝ ගනින් මුව, මට දැන් වෙලාව හරි සෙල්ලම් කරන්න ඕන" යනුවෙන් පැවසූ පොලිස් කාරයින් මදුරව උඩු මහලට රැගෙන ගොස් ඉතා දරුණු ලෙස වදහිංසා පමුණුවන ලදී. මේ වදයට මුලික දායකත්වය දුන්නේ සැරයන් මුනසින්හය. සැරයන් මුණසිංහ ඇතුළු පොලිස්කාරයින් මදුරට පහර දුන්නේ හොදින් අරක්කු වලින් සප්පායම්විය.

පසුව මොවුන් දෙදෙනාව පොලිසිය විසින් අදිකරණයට ඉදිරිපත් කරන ලදී. සංකර් තමාට පොලිසිය පහරදුන් බව මහේස්ත්රත්ට පැවසූ නමුත් මදුර වෙනුවෙන් පෙනී සිටි නිතින්ඥයා ඒ බව අදිකරණයට කිවේ නැත. සන්කර්ව බන්දනාගාර රෝහලින් ප්‍රතිකාර ගැනීමට නියම කර රිමාන්ඩ් කරන ලදී. මදුරව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත නිදහස් කරනු ලැබිණි.

මදුර රත්තොට පොලිසියේ වදහිංසාව නිසා මාතලේ රෝහලේ දින 05ක් නේවාසිකව ප්‍රතිකාර ගත්තේය.

පහත දැක්වෙන්නේ මදුරට වදහිංසා පැමිණවීම නිසා ඇතිවූ තුවාලය.








Tell a Friend