වෙනිසියුලාව : චාවේස්ගේ තත්වය සුව අතට

ජනාධ්පති චාවේස් වෙනිසියුලාවේ කරාකස් නුවර මිර ෆ්ලොරෙස් මාලිගයේදී තම කැබිනට් මණ්ඩලය පසුගිය අගෝස්තු 06 වනදා හමු වූ අයුරු . ( රොයිටර්)

කිෂානි වැලිවිටිගොඩ

කියුබාවේ හවානා නගරයේ රෝහලකදී පසුගිය ඉරිදා සිට යළිත් ප්‍රතිකාර ලබන වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ගේ තත්වය ක්‍රමිකව සුව අතට හැරෙමින් පවතින බව තමන්ට දැනෙන බවයි.

වෙනිසියුලාවේ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දුරකථන මාර්ගයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති චාවේස් මේ බව සඳහන් කළ අතර එහිදී ඊයේ වෙනිසියුලාවේ අගනගරය වන කරාකස් හීදී නොමිලේ ප්‍රතිකාර ලබා දෙන රෝහලක් විවුර්ත කිරීමට හැකිවීම ගැන තම සතුටද පළ කෙළේය.

දුරකථනයෙන් අමතනු ලැබූ අවස්ථාවේදී ජනාධිපතිවරයා එරට සෞඛ්‍ය ඇමති යුගිනියා සදර් වෙත කියා සිටියේ තමන් ලබා ගත යුතු රසායනික චිකිත්සා වාර පහෙන් සිව්වැන්න ලබා ගනිමින් සිටින බවත් තමන්ට ඉතා පහසුවක් දැනෙන බවත්ය.

ජනාධිපතිවරයා පසුගිය ජුලි මාසයේ 16 සිය 22 දක්වා ප්‍රථම වරට කියුබාවේදී ප්‍රතිකාර ලබා ගනු ලැබුවේ තමාගේ ශරීරයේ පිළිකාවක් ඇති වීමට මුලික වන තත්වයක් නිර්මාණය වී ඇති හෙයිනි.


Tell a Friend