රිසානාට රාමසාන් සමාව ලැබෙයිද?


අත දරුවකුගේ මරණය සම්බන්ධයෙන් ගිය ඔක්තෝබරයේ සිට මරණ දඬුවමට කැපවී සිටින මඩකලපුවේ රිසානා නපීක්ට නිදහස ලැබෙන පාටක් පෙනෙන්නට ඇතැයි රියාද් නුවර අල් අබීර් වෛද්‍ය මධ්‍යස්ථානයේ දන්ත වෛද්‍යවරියක වන මහනුවර කිපායා ඉස්තිකාර් ඇගේ මවුපියන්ට කීවාය. රිසානාගේ දුක සැප ජංගම දුරකථනයෙන් ඇෙඟ් හඬින්ම මවුපියන්ට දැන්වීමට මුල් වූ කෙනකු වන මේ වෛද්‍යවරිය පැවසුයේ රාමසාන් උත්සවය අවසානයේ සෞදි රජු මියගිය දරුවාගේ පියා හමුවී රියානාට සමාව දිය හැකිදැයි ඇසීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.
හර්ෂි සි. පෙරේරා




Tell a Friend