"තෝ අරූව දෙන්න ඕනා” - බණ්ඩාරගම පොලිසිය

"තෝ ඌව දුන්නෙ නැත්තං වටේම කඩපු චේන් වලට තෝව බෝම්මයක් එක්කම දාලා අරිනවා"


උපුල් නිරන්ජන් තබ්රු 26 හැවිරිදි එක් දරු පියෙකි. වාද්දුවේ පදිංචිකරුවෙකි. 2011.07.28 වන දින ඔහුව බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඉන්පසුව ඔහුට කෘර අමානුෂික ලෙස වදහින්සාවට පත්‍ර කරන ලදී.

ඊට අසන්න හේතුව වුයේ උපුල් කියන ආකාරයට,

  2011. 07.19 හෝ ඊට ආසන්න දිනක මා අටළුගම ප‍්‍රදේශයෙන් මගේ යතුරුපැදියෙන් යමින් සිටියදී යතුරුපැදිය පාරේ ගිය ගැහැණු ළමයෙකුගේ අතේ වැදුණු අතර” ඒ අවස්ථාවේ මට පහරදීමට පුද්ගලයන් දෙදෙනෙකු පැමිණියා. තවත් පුද්ගලයෙකු පැමිණ මාව එයින් බේරා ඇරියා. එම ගැහැණු ළමයා විසින් මා ඇයගේ චේන් එකක් කැඞීමට උත්සාහ කළ බවට පැමිණිල්ලක් කර තිබීමයි.

පොලිසියට ඇත්තටම චෙන් එකක් කැඩුවත් පුද්ගලයකුට කම්මුල් පහරක්වත් ගැසිය නොහැක. වදහිංසා පැමිණවීම බරපතල අපරාදයකි.

පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පොලිසිය උපුල්ට එරෙහිව සිදුකල නීතිවිරෝදී ක්‍රියාවන්ය.

* සිවිල් ඇඳුමින් සැරසී කිසිදු හේතුවක් නොදක්වා තම අනන්‍යතාවය හෙළි නොකොට අත්අඩංගුවට ගෙන රැගෙන යාම

*බණ්ඩාරගම පොලිසියේ නිලධාරින්” පානදුර පොලිසියේ බව පවසමින් වංචනික ප‍්‍රකාශ කිරීම

*බණ්ඩාරගම පොලිසියට මාගේ සොයුරන් ගිය අවස්ථාවේදී මා අත්අඩංගුවට නොගත් බවට ව්‍යාජ ප‍්‍රකාශ කිරීම

* පොලිස් බැරැක්කය තුළට ගෙනගොස් නිරුවතින් තබා අමානුෂික ලෙස පහරදීම

*කොච්චි මිරිස් ඇස් හා නාසයට දැමීම

*ව්‍යාජ චෝදනා නගමින්” බෝම්බ දමන බවට තර්ජනය කිරීම

*මාගේ යතුරුපැදිය :ඪශ 5703* නීති විරෝධී ලෙස රඳවා තබාගැනීම

ශ්‍රී ලංකාවේ පොලිසිය පිහිටුවා ඇත්තේ නිතිය ක්‍රියාත්මක කිරීමටයි. අලුතෙන් පත්වූ පොලිස් ලොක්කා කිවේ සාරදර්ම කොමිටියක් පත් කරන බවයි. මේවා විහිලුය.

උපුල් ශ්‍රී ලංකා පොලිසියේ නීතිවිරෝදී ක්‍රියා ගැන අදාල බලදාරීන්ට පැමිණිලි කර ඇත. ඉතින් මේ ගැන පැමිණිල්ලක් පොලිස් ලොක්කාටද යවා ඇත. සාරදර්ම රකින්නට පෙර තමන් ට පඩි දෙන අය රකින්නයි අපි ඔහුට කියමු.

ජනසංසදය

Tell a Friend