වැලිකඩ සිරගෙදරට ඩෙංගු මදුරුවා එයි.

හර්ෂි සි. පෙරේරා
වැලිකඩ ඉදිරිපස පුවරුවේ ඇති "සිරකරුවෝද මනුෂ්යෝය" යන්න "සිරකරුවෝද නිලදරයෝද මනුෂ්යෝය" යනුවෙන් සංශෝදනය වියයුතුව ඇත.

වැලිකඩ සිරගෙදර වසර 09 ක් සිටි සැකකාරියක් වූ උව අදිකාරිගේ සෝමාවතී එහි ඇති සෝචනීය තත්වය එනම් මුලික අවශ්‍යතා, ප්‍රචණ්ඩත්වය සහ නීතිවිරෝදී ක්‍රියා ගැන කියනවිට බන්දනාගාරයේ බහුතර ලොකු කුඩා නිලදාරී පැලැන්තියට රිදුනේය.

ඇප මත මෑතකදී නිදහස ලැබූ අනුෂා ප්‍රනාන්දු හෙළිදරවු කලේ රැදවියන්ට දිනකට බිමට වතුර ලැබෙන්නේ ප්ලාස්ටික් බෝතල් දෙකකට පමණක් බවයි. මේ ගැන පොත් ලියැවිණි. අන්තර්ජාල වෙබ් අඩවි වල ලිපි පල විය. වීඩියෝ නිර්මාණය කෙරිණි. නිලදාරීන් මේවා හෙලා දැක්කේ මේකේ හිටපු පිස්සෝ එලියට ගොස් කියා ඇති පිස්සු දේවල් ලෙසයි.

දැන් මෙම වැලිකඩ සිරගෙදරට ඩෙංගු මදුරුවා දෂ්ට කර ඇත.

"සිරකරුවන් අට දෙනෙකුට, බන්දනාගාර වයිද්‍ය නිල නිවාසවල දරුවන් තිදෙනෙකුට හා නිලදාරී විවාහක නිවාසයක දරුවකුට මිට දින තුනකට පමණ පෙර ඩෙංගු උන රෝගය වැළදී ඇති බව කරන ලද පර්ක්ෂණවලදී සොයාගත් බව කොලබ මහා නගර සබාවේ ජන සවුක්ය දෙපාර්තමේන්තුවේ මහජන සවුක්ය පරීක්ෂකවරයෙක් ලංකාදීපයට ඊයේ 17 පැවසිය."

වැලිකඩ ඉදිරිපස පුවරුවේ ඇති "සිරකරුවෝද මනුෂ්යෝය" යන්න "සිරකරුවෝද නිලදරයෝද මනුෂ්යෝය" යනුවෙන් සංශෝදනය වියයුතුව ඇත.

"නිලදාරී විවාහක නිවාස හා තනිකඩ නිවාස ආශ්‍රිතව පවතින අපිරිසිදු බව හා දිරාපත් වැහි පිලි ඩෙංගු අවදානමට ප්‍රදානතම හේතුවක් වී ඇතැයිද මහජන සවුක්ය පරීක්ෂකවරුන්ගේ වාර්තාවක සදහන් වේ. - ලංකාදීප"

නිලදාරීන් මේ තත්වය හමුවේ මුනිවත රැකියයුතු නොවේ. ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් මෙන්ම රැදවියන්ගේ අයිතීන් වෙනුවෙන් හඩ නැගිය යුතුය. මහජනතාවද සිරකරුවන්ගේ මෙන්ම බන්දනාගාර නිලදාරීන්ගේ පහසුකම් සහ අයිතීන් ගැන සැලකිලිමත්විය යුතු අතර නිලදාරීන්ගේ සේවා පහසුකම් නොසලකා හරින පරිසරයක වැරදිකරුවන්ට සහ සැකකරුවන්ට රැකවරණය සහ විශෝදනය හරියාකාරව සිදුනොවන බව අවබෝද කර ගත යුතුය.




Tell a Friend