මගේ වාහනෙත් බාල පෙට්‍රල් හින්දා කැඩුනා !

හර්ෂි සි. පෙරේරා
පසුගියදා බාල පෙට‍්‍රල් නිසා ලංකාව පුරා වාහන වලට සිද්ධවූ හානිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ කොමිෂමට පැමිණිළි කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ඊයේ එම කාර්යාලයට ගොස් එහි ප‍්‍රධානී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා හමු විය.

ඔහු එම පැමිණිල්ල බාරගනිමින් කියා ඇත්තේ තමාගේ වාහනයත් මේ බාල පෙට‍්‍රල් නිසා හානියට ලක්වූ බවත් එය අලූත් වැඩියා කිරීම සඳහා රුපියල් 75000 කට වැඩි මුදලක් වැයවූ බවත්ය. මෙම බාල ප්‍රෙල් ගැටලූව සම්බන්ධයෙන් දිනකට පැමිණිළි 30 කට ආසන්න ගණනක් තවමත් ඔවුන් වෙත ලැබෙන බවද ඔහු වැඩි දුරටත් කියා ඇත.

බාල පෙට්‍රල් ගැන, බාල සිමෙන්ති ගැන අකණ්ඩව පැමිණිලි කරමු. නිකන් සිටීම අපේ අයිතීන් උල්ලංගනය වීමකි. වංචනිකයින්ට දිරිදීමකි. බාල පටබැදි මහතාද මේගැන පැමිණිලි කිරීමට තිබිණි. අසාදාරනය කතාවට සිමා කිරීම වචන හුළගේ යැවීමකි.
Tell a Friend