නෙවි අසංග ගිලුනාද? ගිල්ලුවාද?

හර්ෂි සි. පෙරේරා

නෙවි අසංග පාතාල ලෝකයේ නායකයකු බවට ප්‍රසිද්දය. ඔහු පොලිසිය බාරයේ සිටියදී පැන යාමට තැත් කිරීමේදී කැළණි ගගේ ගිලි ඇත.

නෙවි අසංග පාතාල නායකයෙකුයි යන්න හදුනාගැනීම මත පොලිසියට ඔහු තමන් බාරයේ සිටීමේ දී දැරිය යුතු වගකීමෙන් අත්මිදිය නොහැක. මිට පෙරද මෙවැනි සිද්දීන් වෙනස් වෙනස් කතන්දර එක්ක පොලිසිය බාරයේ සිටියදී පුද්ගලයින් සියදිවි හානි කර ගත්හ. පැන යාමට උත්සහ කරද්දී පොලිසියේ වෙඩි පහරින් මරමුවට පත් විය.

මෙය වහාම නතර කරන්න. පොලිසියට මිනිසුන් මරන්නට බැරිය. මැරෙන්නට ඉඩ හැරීමටද බැරිය.

මේ නෙවි අසංග සිද්දිය වාර්තා වන්නේ අඟුලානේදී මිනීමැරු පොලිස්කාරයින්ට මහාදිකරණය මරණ දඩුවම දී එහි උණුසුම මැකියාමටත් පෙර බව, මහජනතාව මේ අවස්ථාවේදීවත් සිහිබුද්දියෙන් කල්පනා කල යුතුය. මක්නිසාද නීති සාදන්නන්, නීති ක්‍රියාත්මක කරන්නන් සහ යුක්තිය පසිදලන්නන් යන සියලු දෙනා මහජනතාවගෙන් පඩි ලබන්නන් බැවිනි.

Tell a Friend