යාපනේ අතුරුදහන්වු පාසල් දැරියන් කෝ?

වහාම යාපනේ ජනතාවට යුක්තිය සහ සාදාරනය ඉෂ්ට කරන්න. හදිසි නිතිය ඉවත් කිරීම පමණක් විශේෂයෙන් යාපනයේ සාමාන්‍ය ජනයාට යුක්තිය ඉටු කිරීමට ප්‍රමාණවත් නොවේ.

යාපනය අර්ධද්වීපයේ පාසල් දැරියන් තිදෙනෙකු අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියන්ගේ දෙමාපියන් විසින් යාපනය පොලිසියට පැමිණිලිකර ඇතැයි වාර්තා වේ.

මෙසේ අතුරුදහන්වී ඇත්තේ මනිපායි ප‍්‍රදේශයේ පදිංචිව සිටි එස්ගරෝෂිනී නැමැති 17 හැවිරිදි සිසුවියක් ද උඩුපිටි කාන්තා විදුහලේ 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කනගලිංගම් ලැසිකා හා බාරිදීපුරම් ප‍්‍රදේශයේ පදිංචිව සිටි සය හැවිරිදි වේලන් වේලිනිකා නැමැති සිසුවියන් තිදෙනෙකි.

මේ දිනවල යාපනය දිස්ති‍්‍රක්කයේ පාසල් සිසුවියන් අතුරුදහන්වීමේ ප‍්‍රවනතාවක් ඇතැයි ද මේ අතර වාර්තා වේ.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend