පාර්ලිමේන්තු මන්ත්‍රී පොලිස්කාරයින් හමුවේ කිච වෙයි.

හර්ෂි සි. පෙරේරා
අද පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත කුමාර තෙවරප්පෙරුම පොලිස්පති , මානව හිමිකම් කොමිසම ඇතුළු බලදාරීන්ට ලිකිත පැමිණිලි දැම්මේය. පෙනෙන ආකාරයට ඔහුව මතුගම පොලිසිය විසින් අල්ලේ නටවයි. ඔහු බලදාරින්ගෙන් ඉල්ලා සිටි දේ පහත පරිදිය.

මා ඉල්ලා සිටින්නේ,

1. දිගින් දිගටම මාගෙන් පළිගැනීමේ චේතනාවෙන් මා හට හිරිහැර කරමින්, ව්‍යාජ නඩු පැවරීමට උත්සහා
ගැනීම,

2. ඉහත නම් සඳහන් කේ.එ්. පියදාස නැමැත්තා විසින් පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩුව ඉවත්කරවා දෙන
ලෙසට මාහට බලපෑම් කිරිම හා එම උත්සාහය ව්‍යාර්ථවීම නිසා මාගෙන් පළිගැනීම සඳහා මා හිරිහැරයට
ලක්කිරිම,

3. මාගේ රථයේ තිබූ - රුපියල් එක්ලක්ෂ තිස්පන්දාහක මුදල, රුපියල් ෙදාලොස්දහසක් පමණ වටිනා
ෆ්ලෑෂරය, මාගේ 0775510520 දරනනොකියා වර්ගයේ ජංගම දුරකථනය, මාගේ පාර්ලිමේන්තු
මංත‍්‍රීවරයෙකු වශයෙන් වන නිල හැඳුන්ම්පත පැහැර ගැනීම සම්බන්ධයෙන්,

1. මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උයද කුමාර, පො.ප.ජයසිංහ, පො.ප.සේනානායක යන නිලධාරින්
ඇතු`ඵ වගකිවයුතු නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්,

2. මාහට දිගින් දිගටම සිදුකරනු ලබන හිරිහැර නවතාලීමට කටයුතු කරනා ලෙසත්,

3. මාගේ උඡුක්‍ 11-6906 දරන ටොයෝටා කැබ් රථය මුදාහැරීමට කටයුතු කරනා ලෙසත්,

4. පැහැර ගන්නා ලද මාගේ මුදල්, ෆ්ලෑෂරය, ජංගම දුරකථනය හා නිල හැඳුනම්පත නැවත මා වෙත
ලබාදීමට පියවර ගන්නා ලෙසත්,

5. මාහට පවරා ඇති ව්‍යාජ නඩු ඉවත්කිරීම සඳහා පියවර ගන්නා ලෙසටත්ය.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.

පාලිත කුමාර තෙවරප්පෙරුම
(ගරු පාර්ලිමේන්තු මංත‍්‍රී - ක`ඵතර දිස්ත‍්‍රික්කය.)

පාර්ලිමේන්තු මන්ත්‍රීලට ගිය කලදසාවක් !


Tell a Friend