මොරගහහේන පොලිසිය, ලක්ෂ්මන් නමැති අපරාදකරු ආරක්ෂා කරයි.


හර්ෂි සි. පෙරේරා

මේ සියලු ආරවුල් සම්බන්දයෙන් පද්මසිරි සහ ඔහුගේ බිරිද කර ඇති කිසිදු පැමිණිල්ලක් ගැන මොරගහහේන පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් ගෙන නොමැත. ඒ වෙනුවට පොලිසිය පද්මසිරිලට කියන්නේ, උක්වත්තේ ලක්ෂ්මන් ඉන්න තැන කියන ලෙසයි.

උක්වත්තේ පද්මසිරි 37 හැවිරිදි ගොවියෙකි. එක් දරු පියෙකි. ඔහුට ලිපිනයන් දෙකකි. එකක් ගොවිතැන් ලිපිනය වූ 23 බි ගොඩිගමුව,ගෝනපල හන්දියයයි. දෙවැන්න ලිපි ලැබෙන ලිපිනය එනම් අංක 81, සිල්ව වැලි වත්ත, කොරලිම, ගෝනපල හන්දියයි.

පද්මසිරිගේ වැඩිමහල් සොහොයුරා වන්නේ උක්වත්තේ ලක්ෂ්මන්ය. දෙගොල්ලෝ පවුද්ගලික කාරනා සම්බන්දයෙන් හොද නැත. මේ නිසා දෙපිරිස අතර ගැටුම් ද ඇති වේ. මේ ගැන පද්මසිරි මොරගහහේන පොලිසියට පැමිණිලි කරන නමුත් ලක්ෂ්මන්ට විරුද්දව නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීම පොලිසිය දිගින් දිගටම අතපසු කරයි.

2011.08.08 දින රාත්‍රී 10 ට මොරගහහේන පොලිසියෙන් පැමිණ පද්මසිරිව කටඋත්තරයක් ගැනීමට කියා පොලිසියට ගෙනියයි. අතරමගදී පොලිස් නිලදාරී ජයතිස්ස පද්මසිරිගේ පපුවට කිහිපසැරයක් වැලමිටින් අනි.

පද්මසිරිව පොලිස් කුඩුවට දමන අතර එහිදී ඔහුට කුඩුව අතුගෑමට නියම වේ. ඉන්පසුව කෑම කාමරය, කුස්සිය අතුගැමටත් ඒවායේ ඇති කුණු බැරල් අස් කිරීමටත් සිදුවේ.

ලක්ෂ්මන්, පොලිසියට පැමිණ ජයන්ත නමැති වැඩ බලන ස්ථානාදිපතිවරයාට කියා ඇත්තේ පද්මසිරිව උසාවි දැමිය යුතු බවයි. තවද ඔහු පොලිස් නිලදාරීන් ඉදිරිපිටදී පද්මසිරිගේ බිරිදට බැණ වැදී ඇත.

පසුව මොරගහහේන පොලිසිය පද්මසිරිව හොරණ අදිකරණයේ වැඩ බලන මහේස්ත්රත්ගේ නිල කාමරයට ගෙන ගිය අතර ඔහුට ඇප ලැබිණි. එහිදී පද්මසිරි වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥ මහතකු ඔහුගේ බිරිද ඉදිරිපත් කර තිබු අතර ඔහු පද්මසිරිව අත්අඩංගුවට ගෙන ඇත්තේ වියාජ චෝදනාවක් මත බව අදිකරණයට පවසා ඇත.
2011.08.10 දින රාත්‍රී 10.20 ට පමණ ගෙදරට වතුර ගෙන එමින් සිටියදී පද්මසිරිට ඔහුගේ සොහොයුරා වන ලක්ෂ්මන් පොරවකින්ද, ලක්ෂ්මන්ගේ මස්සිනා වන රවී පොල්ලකින්ද පහරදී බරපතල තුවාල සිදු කරන ලදී.

පද්මසිරිව එදින රාත්‍රියේම හොරණ රෝහලට ඇතුළු කර ඇති අතර 2011.08.11 දින ඔහුව කොලබ ජාතික රෝහලට යවා ඇත. එහි දින 04 ක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඔහුට සිදු විය. ඔහු ශල්‍ය කර්මයකටද බාජනය වූ අතර ඔහුගේ ස්නායු වලට හානිවී ඇති බව වයිද්‍ය මතය වී ඇත. දැනට ඔහුට වම් ඇසේ පෙනීමද අහිමිය.

මේ සියලු ආරවුල් සම්බන්දයෙන් පද්මසිරි සහ ඔහුගේ බිරිද කර ඇති කිසිදු පැමිණිල්ලක් ගැන මොරගහහේන පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් ගෙන නොමැත. ඒ වෙනුවට පොලිසිය පද්මසිරිලට කියන්නේ, උක්වත්තේ ලක්ෂ්මන් ඉන්න තැන කියන ලෙසයි.

උක්වත්තේ ලක්ෂ්මන් නීති විරෝදී මත්පැන් අලෙවියේ නිරත වෙමින් මොරගහහේන පොලිසියේ නිලදාරීන් සමග ඉතා සමීපව කටයුතු කරමින් ඔහුගේම නිවසේ නිදැල්ලේ සිටින බව 2011.08.29 වන දින පද්මසිරි අදාල වගකිවයුත්තන්ට එනම් පොලිස්පතිට , මානව හිමිකම් කොමිසමට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ කළුතර පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදී.






Tell a Friend