අම්මයි, අප්පයි දෙන්නම මේ දරුවෝ දෙන්නා දාලා ගියා.



හර්ෂි සි. පෙරේරා


වත්තේ ග්‍රාම සේවකට කියුවා හාල්පොතක් අරන් දෙන්න කියලා. දැන් අවුරුදු දෙක තුනක් වෙනවා. වැඩක් වුනේ නැහැ. දැන් ඒ ග්‍රාමසේවක ඇත්තෙත් නැහැ.

මේ දරුවෝ දෙන්නා මගේ දුවගේ. මගේ නම දෙවමනි. වයස අවුරුදු 54 යි. බාෂාව දෙමල. කලුතර, තෙබුවන ක්ල්යිට් වත්තේ ලයින් කාමර වල තමයි අපි ඉන්නේ.

මම නිසි වයසේදී උත්සවයක් අරන් දැවැද්ද එක්ක මගේ දුවව දිග දුන්නා. එයාට දුවෙකුයි පුතෙකුයි ලැබුණා. දරුවෝ ලැබුනට පස්සේ මුලින් බැණා වෙන ගැනියෙක් එක්ක ගියා. පස්සේ දුවත් වෙන මිනිහෙක් එක්ක ගියා.

ඊට පස්සේ මම වත්තේ කිරි කපලා දරුවෝ දෙන්නව බලා ගත්තා. ඉස්කෝලෙත් යැවුවා. මිනිබිරි කාංචනා දිල්රුක්ෂි වයස අවුරුදු 10 යයි. අරප්පල කන්ද දෙමල මහා විදුහලේ 05 වසරේ ඉගෙනුම ලබනවා. මුණුබුරා තිරෙසර වයස අවුරුදු 07 යි. එම පාසලේම පළමු වසරේ ඉගෙනුම ලබනවා.

දැන් මට මේ යුද්දේ කරන්න බැහැ. කකුලේ අමාරුව නිසා කිරිකපන්න යන්නේ නැහැ. ළමයින්ගේ සියා ඉන්නවා. එයා සමහරක් දාට කුලී වැඩ කරලා රුපියල් 200 ක් විතර හම්බ කරනවා. එයා බොනවා. ඒ සල්ලි වලින් කන්න බොන්න විතරයි පුළුවන්. සමහර දාට විතරක් පුළුවන් කම තිබුනොත් ළමයි දෙන්නව ඉස්කෝලේ යවනවා.

වත්තේ ග්‍රාම සේවකට කියුවා හාල්පොතක් අරන් දෙන්න කියලා. දැන් අවුරුදු දෙක තුනක් වෙනවා. වැඩක් වුනේ නැහැ. දැන් ඒ ග්‍රාමසේවක ඇත්තෙත් නැහැ.








Tell a Friend