ජපුර සරසවියේ දී ඝාතනයට ලක්වූ සමන්තගේ මිනීමරුවා තවමත් නිදැල්ලේ

අමිල ගුණරත්න

ලංකාවේ සරසවිවල පවතින නින්දා සහගත නවක වදයෙන් නවක සිසුන් බේරා ගැනීමට උත්සාහ ගත් ඕවිටිගල විතානගේ සමන්ත ප්‍රමුක සිසු කණ්ඩායම බිහි වුයේ 2001-2 කාලයේ ජපුර සරසවියෙනි. තමන්ගේ මතවාදයේ හිස් බව සහ දේශපාලන දැනුමේ තිබෙන රික්තකය නිසා මතවාදී දේශපාලනය මගින් නවක සිසුන් නම්මවා ගැනීමට වෙනුවට නවක වදය මගින් ඇති කරන භිෂණය යොදා ගනිමින් සිසුන් බා ගැනීම කල අන්තවාදී දේශපාලන කණ්ඩායම් වලට මේ නිසා වැදුනේ මරු පහරකි. මෙම අන්තවාදී පිරිස නවක වදයට විරුද්ධ වන්නන් ශිෂ්‍ය කණ්ඩායමෙන් කොන් කිරීමට සහ “අලයන්” හෝ “අපතයන්” ලෙසට කාඩ් ගැසුහ. නමුත් සමන්ත ප්‍රමුක නවක වද විරෝධී සිසු පිරිස හීනමාන නවක වද ගහලයන්ගෙන් නිබඳවම නවක සිසුන් බේරා ගත්හ. තමන්ගේ අන්තවාදී මතවාදය බලෙන් ප්‍රචාරණය කිරීමේ ක්‍රමවේදය මේ නිසා ගිලිහෙන බව දුටු සිසු මැරයන් අවසානයේදී පහර දී ඕවිටිගල විතානගේ සමන්තව මරා දැමුහ. ඔහුට පොලු වලින් ගසා හිස මතට පරිගණක මොනිටරයක් අත හැර මරා දැමුවේ 2002 නොවැම්බර් 7 දින ය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලැබූ ඕවිටිගල විතානගේ සමන්ත නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයාව මරාදැමීම සම්බන්දයෙන් එවකට එම විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයන් වූ නිශ්ශංක ජයසිංහ, දිල්රුක්‍ෂ රූපසිංහ, නාලක ලියනගම, ඉන්දික රොෂාන් ජයසිංහ, චන්ද්‍රසෝම දේශප්‍රිය, ඒ. ඒ. සමන්, වසන්ත චන්ද්‍රකුමාර, ශාන්ත ප්‍රසාද්, ඉන්දික කුමාර, චමින්ද කුලසේකර, ඒ. අලුත්ගේ, සුසන්ත ධර්මප්‍රිය. ප්‍රියදර්ශන ගම්මන්පිල, ලසන්ත දේශප්‍රිය, බණ්‌ඩාර සෙනවිරත්න, විජිත කුමාර, රසික නිලංග, චන්දික ප්‍රසාද් ලියනආරච්චි, ධර්මප්‍රිය අමරසිංහ, නලින් දිල්රුක්‍ෂ, මිහිර බණ්‌ඩාර විඡේසිංහ සහ ගාමිණී සෙනවිරත්න නමැත්තන් චෝදනා ලබා තිබේ. ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් දැනට නඩු පවරා ඇත. නමුත් පහර කා බිම වැටුණු සමන්තගේ හිස මතට පරිගණක මොනිටරයක් අත හැර ඔහුගේ හිස පොඩි කල සුජිත් කුරුවිට නමැති සිසු මරුවා එවකට පැවති පරිවාස රජයේ බලවන්තයන්ගේ උපකාරයෙන් මෙම ඝාතනයෙන් බේරී යාමට සමත්ව තිබේ. සුජිත් කුරුවිට නිරුපද්‍රිතව දැනට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසට කටයුතු කරයි.

Tell a Friend