සංගාධිකරණයක් මෙරටේ නැද්ද ?

අමිල ගුණරත්න

මේ බුදුන්ගේ දේශයයි කියා ත්‍රිවීල් මල්ලිලා ස්ටිකර් ගසාගෙන යති. බුද්ධාගමේ උන්නතියට වැඩ කරනවා කියා රජතුමා ඇතුළු ඇමතිවරු සික්සර් ගසති. 2600 බුද්ධ ජයන්තිය ගැන ඉහලින් කතා කරති. මෙන්න පුවතක්. මෙය ඉදිරිපත් කරන්නේ දිනමිණ පත්තරයේ ගුණරත්න ලියනආරච්චි විසිනි. කුරුණෑගල නගරයේ වැව පාරේ වෑන්රථයක් ධාවනය කරමින් තවත් වෑන් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සම්බන්ධයේ පොලිස් අත්අඩංගුවට ගත් කුරුණෑගල නගරයට ආසන්න විහාරස්ථානයක වැඩ වසන හිමි නමකගෙන් මද්‍යසාර ගඳ වාහනය වීම නිසා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් පසු එය තහවුරු වූ බවත්, කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. නවරත්න මහතා අධිකරණයට පවසා තිබේ. රක්‍ෂණ සහතිකය – ආදායම් බලපත්‍රය හා රියැදුරු බලපත්‍ර නොමැතිව රිය ධාවනය කර අනතුරක් සිදුකර ඇති නිසා වරද පිළිගත් උක්ත චීවරධාරියාට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා රුපියල් විසිහත් දහස් පන්සීයක දඩයක් නියම කරන ලදී. අශෝක අධිරාජයා නම් මෙවැනි දුසිල් මහනුන් 60, 000 සාසනයෙන් නෙරපනු ලැබිය. අපගේ අධිරාජයාටත් මෙවැනි සාසන ශුද්ධියක් කිරීමට මහානායකවරුන් සහයෝගයක් දෙයිද ?



Tell a Friend