ඇමතිතුමෝ පාන්වල බොරු දත් !

හර්ෂි සි. පෙරේරා
ගෙවිලියක විසින් ආහාරය පිණිස මිලට ගත් පාන් ගෙඩියක තිබී මිනිස් දතක් හමුවීමේ පුවතක් නිකවැරටියේ ඉහළගමින් වාර්තා වනවා.

කුඹුරේ කයිය සඳහා පිළියෙළ කිරීමට තමා පාන් ගෙඩි තුනක් කඩයකින් මිලට ගත් බවත් එකක තිබී හමුවූ මිනිස් දත දැක පුදුම වූ බවත් පැවසූ පේමාවතී නමැති ගෙවිලිය එය ගැන කඩයට කියන්නට ගිය විට පාන් ගෙඩිය නැවත ගෙනත් දෙන ලෙස කියූ නමුත් එසේ නොකර මේ ගැන පොලිසියට පැමිණිළි කළ බව ඇය කිව්වාය.

පසුව පොලිසිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යොදවා කඩයත් අදාළ බේකරියත් පරීක්ෂාවට ලක්කර ඇති අතර මේ පිළිබඳ නීතිමය පියවර ඉදිරියට ගන්නට නියමිතය. ( උපුටා ගැනීම ගොසිප් ලංකා වෙබ් අඩවියෙනි.)

පහත සදහන් වන්නේ පාරිබෝගික ආරක්ෂක අදිකාරියේ වෙබ් අඩවියෙන් උපුටා ගත් පාටයකි. මෙයට අන්තර් ජාලය ඔස්සේද පැමිණිලි කල හැකි බව සදහන් වේ.

"පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනු පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනයයි. එය පිහිටුවනු ලැබුවේ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත මගිනි. පාරිභෝගික අයතීන් ආරක්ෂා කරන අතරම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් අතර තරඟකාරීත්වය ගොඩනැගීම සඳහා අවශ්‍ය නීතිමය බලාත්මකභාවය පනත මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබා දී තිබේ."



Tell a Friend