අපිට ගුරුවරු ඕන - උතුරු නැගෙනහිර ළමුන්.

හර්ෂි සි. පෙරේරා
ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති උතුරු කලාපයේ උග්‍ර ගුරු හිගයක් පවති. අවුරුදු ගණනාවකට පසු උතුරේ දරුවන් දහස් ගණනක් අකණ්ඩව පාසල් යති.

විශේෂයෙන් මෙම කලාපයේ ග්‍රාමීය පාසල් වල ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යා විෂයන් ඉගැන්වීමට ගුරුවරු නොමැතිකම බරපතල ගැටලුවක් වී ඇත.

කිලිනොච්චියේ විශ්‍රාමික අද්යාපන නිලදාරියකු වන කන්දිය මුරුගනතන්ට අනුව ප්‍රවාහන, නවාතැන් සහ ආරක්‍ෂිත ජලය, සවුක්ය වැනි මුලික පහසුකම් අවම වීම හේතුවෙන් මෙම ප්‍රදේශවලට වුර්තිමය ගුරුවරුන් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වී ඇත.

වවුනියාවේ විශාලම පාසැල විපුලානන්ද විද්‍යාලයේ ප්‍රදානියා සුබ්‍රමනියම් විවේකානන්ද පවසන්නේ ශිෂ්‍යයින් අකණ්ඩව පාසල් පැමිණෙන බවයි. ඔවුන් තුලින් ඉගෙනීමට දැඩි උනන්දුවක් පෙනෙන්න ඇති බවත් 2010 වසරේ තම පාසලේ සිසුන් 179 ක් පහ වසර ශිෂත්වයට පෙනීසිටි බව කියන ඒ මහතා ඔවුන්ගෙන් 81 දෙනෙකු විබාගය සමත්වූ බවද කියා සිටි. එම සිසුන් 81 දෙනා අතර 10 දෙනෙකු ඉතා විශිෂ්ට ලෙස විබාගය සමත් වූ බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේය.

අපට පුහුණු ගුරුවරු සිටිනවානම් මේ ළමුන් වෙනුවෙන් බොහෝ දේ කල හැකියි යන්න ඒ මහතාගේ අදහසයි.






Tell a Friend