අනේ යු.එන්.පි !

හර්ෂි සි. පෙරේරා
"රාජපක්ෂ ආණ්ඩුවේ අයතා බලය, ඥාති සංග්‍රහය, වංචාව සහ දුෂණය හමුවේ සාමාන්‍ය ජනයා තවත් අසරණ වේ. ඔවුන්ට නායකත්වයක් දීමට ඔවුන්ගේ දුක්ගැනවිලි සම්බන්දයෙන් ආණ්ඩුවට බලපෑම් කළහැකි විපක්ෂයක් නොවීම ඔවුන්ගේ කරුමයක් නොව රනිල් සජිත් ප්‍රමුක විපක්ෂයේ කාලකන්නිකමයි.

"එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් නායකයා එළවාදමන්නට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහ පවත්වන්නට කටයුතු කරමින් සිටින බවත් සදහන් කල මවින් සිල්වා ඇමතිවරයා එසේ රැස්වන පිරිස් එළවාදමන්නට තමන්ට හැකියාව ඇති බව ද එය හොඳින් හෝ නරකින් තමාට කළ හැකි බවද පැවසිය."

මෙසේ ලැජ්ජාවට පත්වන්නේ රටේ ප්‍රදාන විපක්ෂයයි. හැබැයි එයින් ලකුණු දමා ගන්නේ රාජපක්ෂ ආණ්ඩුවයි. විපක්ෂය දුර්වල වීම නැතහොත් දෙකඩ වීම සම්පුර්ණ කුකුල් කුඩුවම නරියට බාර දීම හා සමානය.

යු.එන්.පි ය ශක්තිමත් වූයේනම් හම්බන්තොට වාරයේ ඇති කළු ගල සහ එකදු නැවක් හෝ එහි නොපැමිණීම යන ආණ්ඩුවේ කල්ක්රියාවම ආණ්ඩුවට එරෙහි ප්‍රබල ජන මතයක් ගොඩ නැගීමට යොදා ගත හැකිව තිබිණි.

දෙමල ජාතික සන්දානයට තියෙන හයිය අද යු.එන්.පි යට නැත. ඉදිරියේදී යු.එන්.පි ය දෙකඩ වීම එහි චන්ද පදනම තවත් බිදවැටි වෙනත් සුළුතර දේශපාලන පක්ෂයක් විපක්ෂයවිමේ තත්වය වැළැක්විය නොහැක.

රාජපක්ෂ ආණ්ඩුවේ අයතා බලය, ඥාති සංග්‍රහය, වංචාව සහ දුෂණය හමුවේ සාමාන්‍ය ජනයා තවත් අසරණ වේ. ඔවුන්ට නායකත්වයක් දීමට ඔවුන්ගේ දුක්ගැනවිලි සම්බන්දයෙන් ආණ්ඩුවට බලපෑම් කළහැකි විපක්ෂයක් නොවීම ඔවුන්ගේ කරුමයක් නොව රනිල් සජිත් ප්‍රමුක විපක්ෂයේ කාලකන්නිකමයි.


Tell a Friend