වසර 17 ට පසු දෙහිවල සතුන් වත්තේදී සීබ්‍රා පැටවකු උපත ලබයි

චමින්ද සිල්වා - එස්‌. පී. ආරියරත්න

දෙහිවල සත්වෝද්‍යානය තුළ වසර 17 කට පසු ඊයේ (10 වැනිදා) අලුයම සීබ්‍රා පැටවකු බිහිවී සිටී.

සත්වෝද්‍යානය තුළ සීබ්‍රා සතුන් පස්‌ දෙනකු මෙම පැටවා සමඟ සිටින අතර පැටවා බිහිකරනු ලැබූ සීබ්‍රා මව සහ පියා 2008 වසරේ චීනයේ චියෙන් ජියෙන් සෆාරි උද්‍යානයෙන් ගෙන්වූ සතුන් බව සත්වෝද්‍යාන උද්‍යාන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මීට පෙර සීබ්‍රා යුවළකට දාව සීබ්‍රා පැටවකු 1994 වසරේදී උපත ලබා ඇති බවද පැවසූ එම ආරංචි මාර්ග අලුත උපත ලැබූ පැටවා නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද කීය.



Tell a Friend