හර්ෂි සි. පෙරේරා
මේ තවත් රාජපක්ෂ ආණ්ඩුවේ විෂම ක්‍රියාවකට මුල්ගල් තැබීමකි. මේ බරපතල චෝදනාව කරන්නේ රටේ ප්‍රදාන දෙමල දේශපාලන පක්ෂයයි. මේ සත්‍ය තොරතුරු සමස්ත ශ්‍රී ලාංකිකයින්ට හෙළිදරවු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති අනන්දන්ය."එනම් ආණ්ඩුව මැණික් ෆාම්හි සිටින යුද්දය නිසා අවතැන්වුවන් ඔවුන්ගේ කැමැත්තට පටහැනිව අලුත් ප්‍රදේශ වල නැවත පදිංචියට උත්සාහ ගනිමින් සිටි.
ආනන්දන් මහතා බි. බි. සි යට අනාවරණය කලේ මෙය යුද අපරාද සැගවීමට ගන්නා උත්සහයක් බවයි. මේ ජනතාව සිටි ප්‍රදේශවල යුද්දයේ අවසන් අදියර ක්‍රියාත්මක වූ අතර එහිදී දරුණු මනුෂ්‍ය ගාතන සිදු විය.
තවද ආණ්ඩුව මේ ප්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කිරීම පමා කරන්නේද අවතැන් වුවන් ඔවුන් සිටි ප්‍රදේශ වලම නැවත පදිංචි කිරීම වැළැක්වීමටය."
සියල්ල සමස්තයක් ලෙස ගත් කල කනගාටුදායක මෙන්ම දෙමල ජනයා තවදුරටත් නොයෙක් ආකාරයෙන් පිඩාවට පත් කිරීම සාමකාමී සන්හිදියාවකට ප්‍රබල බාදාවකි.
Post a Comment