කිෂානි වැලිවිටිගොඩ
ට්‍රිපොලි නගරයට එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් 85 දෙනෙකු මිය ගිය බව සඳහන් කරනු ලබන ලිබියානු ආණ්ඩුව ජනධිපති ගඩාෆිගේ පුත්‍රයා වන කාමිස් තුවාල කරුවන් බැලීමට රෝහලට ගිය ආකාරය ඇතුලත් වීඩියෝ පට එරට රාජ්‍ය රුපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශනය කරනු ලැබුවේ කැරලි කාර කණ්ඩායම් ඔහු මැරූ බවට ගෙන ගිය චෝදනා ප්‍රතික්ෂේප කරමිනි.
ලිබියානු රුපවාහිනි සේවයට අනුව අදාළ වීඩියෝ පට ඊයේ එනම් අඟහරුවාදා ගනු ලැබූ ඒවා වන බව ප්‍රකාශ කළේය. එය සත්‍යනම් කාමිස් තවමත් ජීවතුන් අතර සිටින බවට නිකුත් කළ පළමු වීඩියෝ පටය මෙය බව සඳහන් කළ හැකිය.
"උන් ගෙදරට බෝම්බ දැම්මා, ඔබ කවදාවත් හිතන්න නැතුව ඇති උන් ඒවගේ කැත වැඩක් කරයි කියලා, ' යැයි කාමිස් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක් හමු වී ප්‍රකාශ කළේය.
පසුගිය අඟහරුවාදා එල්ල කරනු ලැබූ ප්‍රහාරයේදී මිය ගිය 85 දෙනා වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ලිබියානු ආණ්ඩුව විසින් ප්‍රකාශ කොට ඇත. එසේම අදාළ ප්‍රහාරයේදී ළමුන් 32 දෙදෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු නේටෝ සංවිධානය විසින් මරා දමා ඇති බව ලිබියානු ආණ්ඩුවේ ප්‍රකාශකයා වන මුසා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් නේටෝ සංවිධානය අදාළ ප්‍රහාරයේදී සිවිල් වැසියන් මිය ගියා යැයි ප්‍රකාශ කිරීම අසත්‍යක් බව සඳහන් කළේය.
Post a Comment