හර්ෂි සි. පෙරේරා
නිලුකා ප්‍රියදර්ශනී
ඔහු නමින් සිසිර කුමාර දිසානායකය. වයස 26 කි. රැකියාව වියාපාරික වන අතර උඩුගම පදිංචිකරුවෙකි. කුඩා කල සිටම හදවත් රෝගයකින් පෙලේ.
ඔහුද බන්දනාගාර ගතවුයේ තම සොහොයුරන් දෙදෙනා මෙන් උඩුගම පොලිසිය, ගම් බට්ටි දීපානි ජයසේකර සතුටු කරන්නට දැමු බොරු නඩුව නිසාය.
ඔහු සිටියේ ගාල්ල බන්දනාගාරයේ H වට්ටුවේය. රෑට නින්දක් නැත. ඉඩපහසුකම් මදි නිසා බොහෝ අවස්ථාවල රෑට සිටියේ සිටගෙනය. නාන්න දෙන්නේ වතුර බාල්දි පහකි. ඉන්න තැනට පිරිසිදු වාතාශ්‍රය ලැබෙන්නේ නැත. දෙන කෑම කන්න බැහැ.
ඔහු කියන ආකාරයට ඇතුලේ ඉන්න අය එලියට යන්නේ වඩා හොදින් අපරාද ඉගෙන ගෙනය. බන්දනාගාර රෝහලින් ප්‍රතිකාර ඉල්ලා සිටිවිට ඒවා ලැබෙන්නේ නැත. ඉන්න අයගෙන් බහුතරය විවිද රෝග වලින් පෙලේ.
බන්දනාගාර නිලදාරීන් නින්දා අපහාස කරමින් රැදවියන්ට බැන වදී. ඔහුට නිලදාරීන් පහර දීමට සරසුනුවිට "මට ගහන්න එපා මම හදවත් රෝගියෙක්" යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ඔහු වෛද්‍ය ප්‍රතිකාර ගැනීම පිළිබද වාර්තා සහ ඔහුගේ පවුලේ චායාරුප පහතින් දැක්වේ.
Post a Comment