අධ්‍යාපනය නට්සිකරණය වීම හෙවත් නායකත්ව පුහුණුව

ත්‍රිමාණ විසිනි

නවක සරසවි සිසුන් සඳහා ලබාදුන් නායකත්ව පුහුණුව අතරතුර රෝගාතුරවූ ශිෂ්‍යාවක බදුල්ල රෝහලේදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දියතලාව යුද හමුදා කඳවුරේ පුහුණුව ලැබූ නිශාන්ති මධුෂානි නැමැති ශිෂ්‍යාවයි. නායකත්ව පුහුණුවේ පළමු අදියරට සහභාගීවූ මැය ජුනි මස 29වන දින රෝගාතුරව බදුල්ල රෝහලට ඇතුළත් කොට තිබේ. පසුව ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා තිබේ.

නට්සින්ට වඩා වැදගත් වූයේ පාසල් නොව නට්සි තරුණ ව්‍යපාරවලට සම්බන්ධ සංවිධාන හරහා අධ්‍යාපනය ලබා දීම ය. වයස අවුරුදු හයේ සිට දහ අට දක්වා වයස් මට්ටම් වල ගැහැණු හා පිරිමි ළමෝ දෙකොටසම එක ම පුහුණුවක් ලදහ. ක්‍රීඩා කදවුරු කටයුතු නට්සි දර්ශනය හා සන්නද්ධ පුහුණුව එයට ඇතුලත් විය.
ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ අධික දූවිලි සහිත පරිසරයක ගැවසීම නිසා පෙනහලුවලට විෂබීජයක් ඇතුළුවී ඇති නිසා මෙම මරණය සිදුව ඇති බවයි.වැලිමඩ තෙන්නකෝන්වෙල ප්‍රදේශයේ තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ නිශාන්ති මියයන විට 20 වියෙහි පසුවූවාය.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට යුධ පුහුණුව ලබා දීම හෙවත් නායකත්ව පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් කථා කරන්නට කිසිවක් ඉතිරිව නැත්තේ එය ලංකාවේ ඉහලම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද අනුමත කොට තිබෙන බැවිනි. සුරේෂ් සිල්වා මහතා විසින් රචිත අවසන් විදුම පොතෙහි සදහන් අධ්‍යපනය නට්සිකරණය වීම සම්බන්ධයෙන් සදහන් කරුණු කිහිපයක් පමණක් මෙහිලා සදහන් කරන්නට කැමැත්තෙම්.

1934 අප්‍රේල් 30 වන දා විද්‍ය අධ්‍යපන හා ජනප්‍රීය සංස්කෘතිය පිළිබදව ඇමති ධූරයට පත් වූයේ හිට්ලර්ගේ හිතවතෙකු මෙන්ම නට්සි පක්ෂ සාමාජිකයෙකු වූ බර්න්හාර්ඩ් රූස්ට්ය. කළක් ප්‍රාදේශීය පාසලක ගුරුවරයෙකු වූ හෙතෙම මානසික රෝගී තත්ත්වයට පත්වීම හේතුවෙන් රැකියාව අහිමි වී සිටියේය. නට්සි රඩයේ අධ්‍යපන ඇමතිධූරය පිරිනැමුවේ මෙම පුද්ගලයා වෙතය. හිට්ලර්ගේ සිතැගි අනුව අධ්‍යාපනය පංති කාමරයට සීමා නොවිය යුතු වූ අතර දේශපාලන අදහස්වලින් හා ශාරීරික නිරෝගීතාවයෙන් හා ශක්තියෙන් සන්නද්ධ විය යුතුය.

නට්සින්ට වඩා වැදගත් වූයේ පාසල් නොව නට්සි තරුණ ව්‍යපාරවලට සම්බන්ධ සංවිධාන හරහා අධ්‍යාපනය ලබා දීම ය. වයස අවුරුදු හයේ සිට දහ අට දක්වා වයස් මට්ටම් වල ගැහැණු හා පිරිමි ළමෝ දෙකොටසම එක ම පුහුණුවක් ලදහ. ක්‍රීඩා කදවුරු කටයුතු නට්සි දර්ශනය හා සන්නද්ධ පුහුණුව එයට ඇතුලත් විය.

මෙම පුහුණුවෙි දී අබාධිතවූ හා මිය ගිය ශිෂ්‍යයන් සම්බන්ධයෙන් වගකීම භාර ගන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය.

ලංකාවේ විශ්ව විද්‍යාල තුලින් ඇරුබි නායකත්ව පුහුණුව පාසල් වලටත් ලබා දීම නුදුරු අනාගතයේදී ඇරඹුනත් ඒ සම්බන්ධයෙන් අප එතරම් පුදුම විය යුතු නැත.

Tell a Friend