යුද්ධාධිකරණය අධිකරණක් ද නැද්ද? ජනවාරි 25

 යුද්ධාධිකරණය අධිකරණක් ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ තීන්දුව අභියාචනාධිකරණයට යැවීමෙන් පසුව ලබන 25 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පාර්ශවකරුවන්ට දැනටම නොතිසි නිකුත් කර ඇති බව ද අභියාචනාධිකරණ රෙජිස්ට‍්‍රාර් සහන් පින්න¥ව මහතා කියයි. අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව යුද්ධාධිකරණය අධිකරණයක් ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනය ඉකුත් දෙසැම්බර් මාසයේ දී අග විනිසුරු අශෝක ද සිල්වා මහතා ප‍්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිණි.