ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහක් දී ඉන් ලාභයක් උපයා ගැනීමට තරම් දියුනු වූ ශිෂ්ඨත්වය

- ගෝරා -
ප්‍රතිවිරෝධතාව බාහිරව නොව ඔබ තුළමය

(November 23, Colombo, Sri Lanka Guardian) ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහක් දී ඉන් ලාභයක් උපයා ගැනීමට තරම් ශිෂ්ඨ වූ ව්‍යාවසායකත්වයක් දැන් බිහිව තිබේ. විවෘත ආර්ථිකයේ ලිබරල්වාදී ශිෂ්ඨත්වය, වසර 2500ක් පැරණි ශිෂ්ඨාචාරයක් කූඨාප්‍රාප්තියත් සමගම ස්වයංපෝෂිත ලංකාවක් කරා යන මහින්ද ගමනේ අතරමග නූතන (අ)මානුෂිකවාදී ආර්ථික උපක්‍රමයන් රටපුරා දළුලමින් පවතී.

"රත්තරං වාසියක්" "ඔබේ රත්තරං වෙනුවෙන් අපෙන් ඉහළම මිලක්" "ඔබේ රත්තරං සින්නවෙන්න නොදී බේරාගන්න" යනාදී වූ මාතෘකා යටතේ විශේෂයෙන් බස්නාහිර පළාත අවට මෙකී ව්‍යාපාර සුලබව දැකිය හැකිය. සැබැවින්ම මෙහි සිදුවනුයේ අයෙක් විසින් උගස් කරනු ලැබූ රන්භාණ්ඩ, එකී උගස් තබන ලද රන්භාන්ඩ බේරාගෙන සුළු මුදලක් අයිතිකාරුවාට ගෙවා රන්භාණ්ඩ තමන් සතුකරගැනීමයි.

ගෑණුන්ගේ කකුල් දෙකක් පෙන්වීම සදාචාර විරොධී යැයි සම්මත, ශිෂ්ඨත්වයෙන් යුතු මේ සිරිලක, තවත් මිනිහෙකුගේ දුර්වලතාව, ආර්ථික අපහසුකම් ඉදිරිපිටදී අදාළ මනුස්සයාට පිළිසරනක් වීම පැත්තකින් තබා ඔහුට තවත් පාඩුවක් කිරීමට ඉදිරිපත්වීම අතිශය ප්‍රචලිතව ඇති ව්‍යාපාරයක් බව ක්ෂනිකව පත්ව ඇත. බණ භාවනා පංති, හතර පෝයටත්,වැලන්ටයින් දිනයටත් සිල්ගැනීමට තරම් ශීලාචාර සමාජයක මිනිස්සු ඇස් කන් පියා බලා සිටීම, අන්ධබවද, අනවබෝධයද, අවස්ථාවාදීකමද යන්න සිතාගත නොහැක.
-Sri Lanka Guardian