මිනි මැරීමේ වරදට මුභාරක්ගේ බෙල්ල කපයිද ?

පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂනයේ යෙදුණු උද්ඝෝෂකයින්ට වෙඩි තබා මරා දැමීමට අණ දීම සහ තම පාලනයේදී සිදු කළ දුෂණ වලට වග උත්තර කරු කරමින් ඊජිප්තුවේ හිටපු සහ සේවයෙන් පන්නා දමණු ලැබූ ජනාධිපති හොස්නි මුභාරක්ට එරෙහිව නඩු විභාගය අද ( අගෝස්තු 03 ) දින ආරම්භ කිරීමට නියමිතය.

වත්මන් පලානධිකාරියේ නිගමනයට අනුව කයිරෝ නුවරට පැමිණීම සඳහා ප්‍රමාණවත් ශක්තියක් 84 වියැති මුභාරක්ට තිබේ. එසේම අදාළ නඩු විභාගයට මුභාරක්ගේ පුත්‍රයන් වන අලා සහ ගමාල් මෙන්ම හිටපු අභ්‍යන්තර කටයුතු ඇමති අභිඩ් අල්- ඇද්දී ඇතුළු හයදෙනෙකුද ඇතුලත් කොට තිබේ.

නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී මුභාරක්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරීම සඳහා විශේෂ සැලකිල්ලක් යොමු කොට ඇති අතර නඩු විභාගය පැවැත්වෙන පොලිස් ඇකඩමිය අවට ආරක්ෂාව තර කිරීම සඳහා 1000 කින් යුතු ආරක්ෂක බලඇණියක් ස්ථානගත කොට තිබේ.

එසේම නඩු විභාගයේ විනිශ්චය ලෙස ජනාධිපති මුභාරක් මිනීමැරීම සඳහා වරදකරු වුව හොත් ඔහුගේ ගෙල කපා මරා දැමිය හැකිය. අදාළ නඩු විභාගය එරට රාජ්‍ය රුපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කිරීමට නියමිතය.

Tell a Friend