ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් අන්තර්ජාතික හොරෙක් සමග රැකියා වංචාවේ

අමිල ගුණරත්න

ඕස්ට්‍රේලියාවේ වාසය කරන කමල් චන්ද්‍ර වෙල්ලාලගොඩගේ නමැති මෙම පුද්ගලයා විසින් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් සමග එක්වී රුපියල් ලක්ෂ ගණනක් වංචා කොට තිබේ. මෙම වංචාවට උතුරු නැගනහිර ප්‍රදේශ වල විදේශ ගතවීමට බලාසිටින ද්‍රවිඩ තරුණයන් රැසක් දැනටමත් හසුවී ඇති බව වාර්තාවේ. කමල් චන්ද්‍ර වෙල්ලාලගොඩගේ ශ්‍රී ලංකාවේ තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කොළඹ ඩී එස් සේනානායක විදුහලේ අධ්‍යාපනය හදාරා ඇති අතර 1996 වසරේ දඹුල්ල රෝහලේ සේවය කරන ලදී. එම කාලය තුලදී තම පෝලන්ත ජාතික බිරිඳ සමග දඹුල්ල , මාතලය , ප්‍රදේශවල තරුණයන්ගෙන් රට රැකියා ලබා දෙන බවට පොරොන්දුව රුපියල් ලක්ෂ 45 අසන්න මුදලක් වංචා කොට ඇති බව පොලිසිය පවසයි. මොහු සම්බන්දයෙන් පැමිණිලි දඹුල්ල , මාතලේ පොලිසිවල ඇති අතර වංචා විමර්ශන ඒකකය පරීක්ෂණ අරඹන විට ඔහු නවසීලන්තයට පැන යන ලදී. ඉන් පසුව ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගත් මෙම තැනැත්තා වරින් වර වෙනත් පුද්ගලයන් හරහා විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු දෙමින් මුදල් වංචා කොට තිබෙන අතර දැනට ජනාධිපති ආරක්ෂක ඒකකයේ උසස් නිලධාරියෙකු සමග එක්වී කොළඹ , මහනුවර , මාතලේ , උතුරු නැගෙනහිර යන ප්‍රදේශවල තරුණයන්ගෙන් මුදල් ගරා ගැනීමේ ජාවාරමක නිරතව සිටියි. පොලිස් පරීක්ෂණ නිසා ලංකාවට නොපැමිණ සිටි මොහු ජනාධිපති ආරක්ෂක ඒකකයේ උසස් නිලධාරියාගේ ආවරණය මත පසුගිය කාලයේ ලංකාවටද පැමිණ ඇත. මොහු නිර්මාන්ශික සැදැහැවත් බෞද්ධයෙකු ලෙස පෙනී සිටිමින් ඕස්ට්‍රේලියාවේ පන්සලක් ඉදිකිරීමට සහ එම පන්සලේ භාරකාරත්වය පැවරීමට පොරොන්දුව ප්‍රකට භික්ෂුවකගෙන්ද මුදල් ලබාගෙන තිබේ. මෙම වංචනිකයාට හසුවූ බොහෝ පුද්ගලයන් බිය සහ අවමානය නිසා නිහඬව ඇති නිසා මෙම ජාවාරම බාදාවකින් තොරවකරගෙන යාමට හැකි වී තිබේ. ඔබ හෝ ඔබ දන්නා අඳුනන අයෙක් මෙම පුද්ගලයාගේ වංචාවට හසුවී ඇති නම් නොපමාව දුරකථන අංක 2433671 වංචා විමර්ශන ඒකකය අමතන්න. මොහු පිලිබඳ වැඩිදුර තොරතුරු දඹුල්ල පොලිසියෙන් ලබා ගත හැක.

Tell a Friend