දුෂණ චෝදනා එල්ල වූ මහා ඇමති ඉල්ලා අස්වෙයි



නිතිවිරෝධී කැනීම් කළ බවට චෝදනා එල්ල වීම නිසා කර්ණාටක ප්‍රාන්තයේ මහා ඇමති බි. එස්. යෙදුරප්ප සිය ධුරයෙන් අද සවස ( ජුලි 31 ) ඉල්ලා අස් වුයේ ලොක් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රාන්ත ආණ්ඩුවේ කටයුතු කළ සදානන්ද ගොව්දා මහා ඇමති ධුරයට පත් කිරීමෙන් අනතුරුවය. තමන්ට එරෙහිව එල්ල වූ දුෂණ චෝදනා අහමුවේ සේවයේ රැඳී සිටීමට තීරණය කර තිබුණද පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් එල්ල වූ බලපෑම මත 86 හැවිරිදි මහා ඇමති වරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුකාර බර්වද්ජ් හට භාර දීමට සිදු විය.

අද දිනයේදී හෙතම ඉල්ලා අස් වීමේ ලිපිය භාරදීමට පෙර දේශපාලන නාටකයක් බඳු තත්වයක් දිස් වූ අතර එහිදී හෙතම කිලෝමීටර් දෙකක පමණ දුර වූ තම නිවසේ සිට ආණ්ඩුකාරවරයා රැඳී සිටි රාජ් බවන් වලට තම සගයින් සමඟ පයින් පැමිණියේය. එහිදී එක වාක්‍යක් පමණක් ලිය ඇති අස් වීමේ ලිපිය භාර දෙනු ලැබීය.

Tell a Friend