ස්පේ‍්‍ර නඩුව ඉවතට.

‘කෙළිය නේද මහරජා විභාගෙටත්
අධ්‍යාපනය කෙළෙසූ මහරජා ගෙදර අරිනු’ යනුවෙන් සඳහන් වැකියක්
කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාම පාසලේ තාප්පයේ කළු පැහැ තීන්තයකින් ස්පේ‍්‍ර කරමින් සිටියදී අන්තරේ හිටපු කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න හා අන්තරේ සාමාජික ගිහාන් සෙනෙවිරත්න 2009 අගෝස්තු පස්වන දින කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.

1988-89 මෙන් භීෂණයක් ඇති කරන්නට ප‍්‍රයත්න දරමින් ස්පේ‍්‍ර ගන් උපයෝගී කරගනිමින් තාප්ප වල අදහස් ලියුවේ යන්න මොවුන්ට එරෙහි චෝදනාව වුණා. එම වරදට රිමාන්ඞ් ගත කර ඇප මත නිදහස්ව සිටි ඔවුන් පිළිබඳ නඩු විභාගය අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණ අතර නීතිපති උපදෙස් මත කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි තීරණය කළේ මෙසේ තාප්පවල ස්පේ‍්‍ර ගා අදහස් පළකිරීම වරදක් ලෙස සලකා දඬුවමක් දීමට හැකියාවක් නැති බැවින් ඔවුන් නිදහස් කර නඩුව ඉවත දමන බවය.

Tell a Friend