83 කලු ජුලිය සහ අපේ කාළේ නයිටින්ගේල්.

හර්ෂි සි. පෙරේරා
අනුෂා පෙරේරා

1974.11.12 දින අරුන`ඵ පිබිද එන උදෑසන 6.30 පමණ බ‍්‍රහස්පතින්දා කන්ද උඩරට මාතලේ නගරයට ආසන්නව වත්පොහොසත්කම් හිමිකම් කියන පවුලක කු`ඵදුල්දරුවා ලෙස උපත ලැබුවෙමි. කුඩා කල අඩු ලූහුඩුකම් නොමැතිව හැදී වැඩුනෙමි. මගේ පියා සමූපකාරයක සේවය කල අතර, මාගේ මවගේ උරුමයෙන් ලූබුණු පොල්වතුවල විශාල ආදායමක් ලැබිණි. ද්‍රවිඩ පවුලක මා උපත ලැබූවත් අපගේ අසල්වාසීන් සියල්ලෝම සිංහලූන් විය. අපගේ නිවැසියන් අතර වැඩිපුර භාවිත වූයේ සිංහල භාෂාවයි.

මම කුඩා කල සිටම පෙර පාසල් කාලයේ සිටම සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. දිනක් (1983* අප නිවසට ගල් මුගුරුවලින් අපේ වහලට සමහරෙක් පහර දුන්නා. මම, නංගිත් සමග ඇඳේ භියෙන් සලිතව ගොස් ගුලි වූයෙමි. කිසි දිනක මා එසේ බියෙන් පසු වූයේ නැත. එම සිද්ධිය සිදුවීම මතක් වෙද්දී අදටත් මගේ ඇඟ කිලිපොලා යයි. අපගේ සීයා තේ වතුයායක අධිකාරීවරයෙකි. ඔහුට ගැහැණු දරුවන් අටක් සමග එකම පුතෙක් විය. මා කියන මෙම දින සියල්ලෝ අපගේ සීයාගේ මහගෙදර සිටියෙමු. අපේ සීයාට ලයිසන් තුවක්කුවක්ද තිබිණි. ඔහු වීරයෙක් මෙන් මෙම තුවක්කුව රැුගෙන ෙදාර ඇරගෙන එළියට යෑමට පැන්නේය. ආච්චි අම්මා, මාමා, පුංචි අම්මලා සියල්ලෝම පැන ඔහුව නවතාලූහ. එම සිද්ධිය එතෙනින් කෙලවර නොවීය. අපගේ කඩ කා විසින්දෝ ගිනි තබා තිබුණි. සීයාට හා අපගේ ඥතීන්ට මෙම ග‍්‍රාමයේ විසීම අප‍්‍රිය විය. සියල්ලටම වඩා පන කෙන්ද රැකගැනීම වැදගත් යයි සීයා සිතීය.

”අඩෝ දෙමළා, වරෙංඩෝ එළියට, තොපි රජකරපු කලේ ඉවරයි, දැන් අපේ කාලේ” යයි තවත් දිනෙක කවුදෝ ගේටුට්වෙන් පැනවිත් ෙදාරට ගැසූහ. මේ මා කුඩා අවධියේ මට මතක තිබූ දේවල් පමණි.

මෙම වකවානුවේ අපි නිවසේ සිටියාට වඩා කැළේ සිටි කාලය වැඩිය. හවසට කෑම කා කොට්ට පැදුර ඔතාගෙන කැලේට ගොස් කුඩා අපිව පින්නේ නිදි කරවා මාගේ දෙමව්පියෝ නිදි වර්ජිතව සිටියහ.

”අහෝ........දෙවියනේ ඛේදයකි” අප දමිළ වීම අපේ වරදක්ද ? සියලූම ද්‍රවිඩ ජනයෝ සුසුම් ලෑහ. ජීවිත අවදානම් තත්වයක පවතී. සියල්ල අතැර සියලූම දෙනා කිලිනොච්චිය බලා පිටත් වූ දින මට අද මෙන් මතකය. අප ගිය දුම්රියේ සියලූම දෙනා අප වැන්නවුන් බව මට තෙරුම් ගියේ ඔවුනොවුන්ගේ කතාබහෙනි. අපි කිලිනොච්චියේ සෙලවපුරම් නැමැති ග‍්‍රාමයට ගියෙමු. ඉතා විශාල නිවසක් හා කෙසෙල් සහිත වත්තක අපගේ නිවස විය. පොල් ගස්වලින් පෝෂිත කලූ පැහැති පොළොවක් විය. ඉතා අලංකාර පරිසරයක් වුවද මට මගේ පාසල, මගේ යහබිමත් නිතර මතක් විය. මම මෙම පරිසරයට අකැමැති තව හේතුව වූයේ ජලයයි. අපි සියලූම දෙනාට ජලය පානය කිරිමට පුරුදු වීම ඉතා අපහසු කාර්යයක් විය.

මම පාසල් යන දින පැමිණීයේය. මේ වන විට මට බාල නංගී සහ ඊලඟට මල්ලී, ඊලඟ චූටි නංගී ද විය. මේ වන විට පාසල් ගියේ මාත්, ලොකු නංගීත් පමණි. පාසල කහවර්ණයෙන් යුත් කනේරු මල්වලින් පිරී පරිසරය සුවඳවත් කලේය. මෙය උතුර පළාතට තිබුණ එකම සිංහල පාසල විය. මාගේ පන්තියේ ළමුන් මා දෙස අමුතුවෙන් බැලූහ. එහෙත් ඔවුන් මා හා කු`ඵපගු වීමට එතරම් කාලයක් ගත නොවීය. මෙම පාසල හරි අමුතුය. සිංහල පාසලක් වුවද වැඩිපුර ද්‍රවිඩ භාෂාව භාවිත කලහ. මාගේ සිංහල භාෂා උච්ජාරණය ඉහල මට්ටමේ පැවැති නිසා එය කැලැල් කර ගැනීම අකැමැති නිසාත් මම ද්‍රවිඩ භාෂාවෙන් කතා නොකිරිමට වග බලා ගතිමි. මාගේ පන්තියේ සිටින දරුවන්ට වඩා මාගේ අත් අකුරු නිවැරදි හා ලස්සන විය. එය යහ`ඵවන් අතර ජනප‍්‍රිය වීමට මට ප‍්‍රබල අවියක් විය. කෙසේ හෝ මම ජනප‍්‍රිය හා සියල්ලන්ගේම ආදරයට භාජනය වූයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසුවය. මෙම මධ්‍ය මහා විද්‍යාල ඉතිහාසයටම ශිෂ්‍යත්වය සමත් වූ එකම ශිෂ්‍යාව ලෙස රන් අකුරින් ලියවීමේ වරම මා හට හිමි වීම, මගේ දෙමාපියන්ට මහත් ආඩම්බරයකි. එ් සම්බන්ධව දිනක් මාගේ දෙමාපියන් ගෙන්වා පාසලේ විශාල රැුස්වීම් සංවිධානය කර තිබුණි. මා වෙනුවෙන් මාගේ දෙමාපියන් ගුරුවරුන්ට හා පාසලේ දරුවන්ට තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වූහ. මෙම පාසලේ විදුහල්පති ධූරය දැරුවේ ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේ මෙවකට ජීවතුන් අතර නැත. උන්වහන්සේගේ අදහස වූයේ මාව මෙම වාතාවරණයේ මෙම පාසලේ නොසිටිය යුතු බවත්, යුද්ධයේ මානයක පෙනෙන බවත් මෙහි සිටියොත් අධ්‍යාපනය කඩාකප්පල් වන බවත්ය. මාගේ දෙමාපියන්ද උන්වහන්සේට ගෞරව කර අපි නැවතත් මාතලේ බලා පිටත් වූයෙමු.

මානව ශිෂ්ඨාචාරය මිලේච්ජත්වය කරා පල්ලම් බැස ඇත. ලෝකයේ පාරිශුද්ධ දෙය දරුවන්ගේ හදවත් බව කවියෙක් පවසා ඇත. කුඩා මගේ හදවතට වඩා මගේ දෙමාපියන් හඬා වැටුනේ මන්දැයි මට දැන් තේරේ.

කිලිනොචචියේ සිට පැමිණි අපිට හුන් හිටි තැන් අහිමි වී තිබිණි. එ්වාට අයිතිකරුවන් නීත්‍යනුකූලව සිටියහ. කෙසේද ? නොදනිමු.

කෙසේ හෝ අපි ගියේ ගොම ගා වහලට පොල් අතු දැමූ වටේට කටු මැටි බිත්ති සහිත කුඩා ගෙදරකටය. සද්දත්ත මගේ පියා ගෙට ඇතු`ඵ වූයේ තුනට නැමිලාය. ඉතාමත් කටුක ජීවිතයක් ජීවත් වීමට සිදු විය. පාසල් යෑම නතර විය. ”ලොව හොඳම දේ දරුවන්ට” එ් ලෙනින්ය. මෙන්න ධනවාදී ආර්ථිකය . මං වගේ පොඩි එවුන් කී දෙනෙක් බඩගින්නේ නිදියන්න ඇත්ද ? තාත්තා හා අම්මා කුලී වැඩට යාමට පටන් ගත්තා. මට නංගිලා හා මල්ලිලා බලා ගැනීමට සිදුවිය. දර සොයා, වතුර ගෙන පිරවීම මා කලේ ඉතා කැමැත්තෙනි. ලිපට දර දමා ලිප අවුලවා මුට්ටියට වතුර දමා රත්කර දහ පාරකට වඩා වතුර පුරවමි. හේතුව දන්නවාද තාත්තලා ගේන හාල් දාලා බත උයන්න වතුර උතුරලා උතුරලා දහපාරට වඩා මුට්ටියෙන් වාෂ්ප වෙලා යනවා. මතක් වෙනකොට කඳුලූ ගලා යනවා. මේ අත්දැකීම කිසිම දරුවෙකුට සිදු නොවේවා. මේක ළමා අපචාරයක්ද ? අවුරුද්දක්ම මාව පාසලට ගත්තේ නැහැ. එක පාසලක ඉඩ නෑ කිව්වා. එක්කෙනෙක් හොරෙන් කියනවා අම්මාට ඇහිලා, මගේ හිත කීරි ගැසුනා.

පස්සේ අපි කුළියට හිටපු ගෙදර මහත්තයාගේ මාර්ගයෙන් පාසලකට අපිට යන්න හැකි වුනා. මාස 10ක් පාසල් නොගිය මම වාර්ෂාවසන විභාගයේ පන්තියේ හතලිස් දෙනාගෙන් තිස් දෙවෙනියා වුනා. මට මං ගැනම දුක හිතුනා. ඉතාමත් දක්ෂ දරුවෙකු වූ මට මොකද වුනේ. මගේ දෙමාපියන් බුද්ධිමතුන් ලෙස ක‍්‍රියා කලා. ඔවුන්ගේ අදහස වූයේ පන්තියේ අන්තිමයා වුනත් කමක් නෑ ඔයා අවුරුද්දක්ම ඉස්කෝලේ ගියේ නෑනේ යන්නයි.

කෙසේ හෝ අවුරුද්දෙන් අවුරුද්ද මගේ දක්ෂතාවය ඔප් නැංවී මගේ සුපුරුදු දක්ෂකම් පාන්නට වුනා. නැටුම් කණ්ඩායම” ක‍්‍රීඩා 15න් පහල දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙසද මා තෝරා ගනු ලැබුවා. පාසල ”මැක්බර්ත් ” නාට්‍යයේ චරිතයක්ද, වෙස්සන්තර නාට්‍යයේ ක‍්‍රිෂ්ණජිනාගේ චරිතයද මට ලැබීම භාග්‍යයක් කොට සිහිගන්වමි. ඉතා ත‍්‍රීවුව යුද්ධය ඇවිලෙමින් තිබිණි. පාසල් දරුවන් දෙම`ඵන්, කොටින් ලෙස අපිව හැඳින්වූවද පාසලේ ගුරුවරුන් නම් අපට දැඩි ලෙස ආදරය කලහ. දිනක් මගේ නංගීට පිරිමි ළමයෙක් ”දෙමළි” යි පවසා තිබුණි. ඇය ඔහුට ෂර්ටය ඉරා පහර දී තිබුණි. මා නම් මට එසේ පවසන විට වෛරයක් ඇති වූයේ නැත. මට ඇති වූයේ ආත්මානුකම්පාවක් පමණි.

1990 වර්ෂයේ මගේ මව විදේශ ගතවූයේ මේ අවධියේය. අම්මාගේ රට යෑමෙන් පසු පවුලේ බර මා වෙත පැටවිනි. යන්තම් 16 වියට පාතැබුවා විතරය. හොඳ වෙලාවට මම අ.පො.ස.(සා.පෙ* උසස් ලෙස සමත් වී උසස් පෙළ විද්‍යා විෂයන් තෝරාගෙන නගරයේ ජනප‍්‍රිය පාසලට යෑමට වරම් ලැබුවෙමි.

නංගිලාගේ කොණ්ඩා ගෙතීම, ඉවීම, රෙදි සේදීම, මල්ලි හා චූටි නංගී නෑවීම යන එ්වා මට පැවරී තිබිණි. දිනක් තාත්තා වැඩට ගොසිනි. චූටි නංගිට හොඳටම උණය. එ් කාලේ ටෙලිෆෝන් තිබුනේ නැනේ. මගේ අසරණ කම තවත් වැඩි වුනා. තොලකට වේලූනා. කඳු`ඵ වැටුනේ නෑ. අම්මලා රට ඉන්න දරුවන්ගේ අසරණකම, පාට, පාට කට්ටිය මහත්හොරු අවුරුදු 65ක ඉඳන් රාජ්‍ය කරලා අපිට දීපු දෑවැද්ද මෙච්චරයි. මම නංගිව වඩාගෙන ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් ගෙනාවේ මහ ගෑණියෙක් වගේ. එ් මතක් වෙනකොට හරි පුදුමත් හිතෙනවා. ලස්සන පුංචි ඇඟවල් තියෙන, ලස්සන ලස්සන මිසීලා දැක්කම ආසාවේ බෑ. මටත් නස් කෙනෙක් වෙන්න පු`ඵවන් වුනොත් මම කොඳුර ගත්තා. රෝහලින් පිට වෙන්න කලින් නස්ලා දිහා දෙතුන් පාරක් බලා ගියා.

ජීවිතයේ අපි මුහුණ දෙන සමහර දේවල් හදවත් වලට බර වැඩියි. සෝ සුසුම් පිටකරලත් ගැඹුරු ලෙස තැන්පත් වෙනවා.

කොහොම හරි 1994 වර්ෂයේ අපේ අම්මා ලංකාවට ආවා. මම උසස් පෙළ කල අවුරුද්දේ. මට හරි සතුටුයි. පුංචි ඉඩම් කෑල්ලක් අරන් කාමර තුනක් කුස්සියක් අරගෙන ලයිට් ගත්තා. අපිට හරි සතුටුයි. ගොඩාක් ? වෙනකල් අපි නිදාගත්තේ නෑ. නිකං දිව්‍ය ලෝකෙට ගියා වගේ. අර කටුමැටි බිත්තිය, පොල් අතුවල මාපිලෝ. දෙපාරක් මාව දෂ්ට කරලා තියෙනවා.

1994 මම උසස් පෙළ කලා. එ් ගමන්ම සෙලාන් බැංකුවෙි අම්පාර රස්සාවක් හම්බ වුනා. එ් කාගේ හොඳටම යුද්ධය. මට දෙමළ නිසා මට ඉන්න තැනක් නැති වුනා. එ් නිසා මගේ රස්සාව අහිමි වුණා. ඊට පස්සේ මට ගුරුපත්වීමක් හම්බ වුනා. මම ගිය ඉස්කෝලේ මටත් වඩා ලොකු පිරිමි ළමයි හිටියා. එ් ලොකු ළමයි මට විසිල් ගැහුවා. බේබි ටීචර් කිව්වා.

එ් අතරතුරදී තමයි මට නස් කෙනෙක් හැටියට මේ රැකියාවට යන්න ලැබුනේ. මගේ ජිවිතේ ලොකු වෙනසක් ලැබුනා. මගේ ජීවිතය සුන්දරම කාලේ වුනා.

අපේ මල්ලි අඩි 6’පමණ උස කඩවසම් ඉලංදාරියෙක් වුනා. මගේ මල්ලිව දිනක් පොලිස් කූඩුවට දමා තිබිණි. මාගේ දෙමාපියන් සමග වහා පොලිසියට ගියෙමු. පොලිසියෙන් හොඳින් ගුටිබැට දී තිබුණි. හේතුව සැක පිට කොටි සංවිධානය කියා. අපේ මල්ලි උපන්නේ මේ පොළොවේය. දින 3 පොලිස් කූඩුවේ තැබූහ. මගේ මල්ලි කිසිම කල්ලියකට සම්බන්ධ නොවූවෙකි. ඉතා අහිංසකය. මා දන්නා අය ලවා කතා කර මල්ලිව ඔවුන් නිදහස් කලහ. මා ද නීති ගැන නොදැන සිටියෙමි. කෙසේ හෝ කිසිම වරදක් නොකල මල්ලි අනවශ්‍ය ලෙස දඬුවම් වින්දේය. කුමක්ද හේතුව ශ‍්‍රී ලාංකිකයකු විමද ?

(සත්‍ය කථාවකි.)


Tell a Friend