කොරියාව : උතුරු කොරියාවෙන් යළිත් දකුණට කාලතුවක්කු ප්‍රහාර

කිෂානි වැලිවිටිගොඩ

දකුණු කොරියාවට අයත් දුපතක් ඉඅලක්ක කර ගනිමින් යළිත් උතුරු කොරියාව විසින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව දකුණු කොරියානු ආණ්ඩුව සහ ආරක්ෂක අංශ සඳහන් කළහ. මීට ස්වල්ප වෙලාවකට පෙර යෝන්පෙන්ග් දිවයිනට කාලතුවක්කු ප්‍රහාර එල්ල වූ නමුත් අදාළ ප්‍රහාර දුපතේ ගොඩබිම් කලාපයට පතිත වූ බවට තවමත් පැහැදිලි නොමැති බව එරට ආරක්ෂක අංශ සඳහන් කළේය.

එරට වේලාවෙන් පස්වරු දෙකට පමණ අදාළ ප්‍රහාරය සිදු අතර එහිදී කාලතුවක්කු ප්‍රහාර තුනක් එල්ල වූ බව ආරක්ෂක අංශ උපුටා දක්වන යෝන්හප් පුවත් ආයතනය වාර්තා කළේය. කෙසේ වෙතත ප්‍රහාර ආරම්භ වීමත් සමඟ දුපත ආසන්නයේ ධීවර කටයුතු නැවත දැමීමට නියෝග කළ අතර හදිසි තත්වයක් ප්‍රකාශ කරමින් සාමාන්‍ය ජනතාව කුඩාරම් වෙතට යොමු කරනු ලැබීය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීද මෙවැනිම ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර එහිදී උතුරු කොරියානු සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගියහ. එසේම 2010 මාර්තු මාසයේදී දකුණු කොරියාවට අයත් චෙනොන් නෞකාවට ප්‍රහාර එල්ල වූ අතර එහිදී නාවික සෙබළුන් 46 දෙනෙකු මිය ගියහ.

Tell a Friend