154 කිරිබත්ගොඩ - අඟුලාන : නීතියටත් ඉහළින් ඉන්න සුදු අයියා කවුද ?

බස් මාෆියාවේ තවත් එක් හෙළිදරව්වක්...

සානක පෙරේරා

ගමන් කරන මගීන්ගේ වෙලාව අපතේ යවන නැතිනම් වේලාව කාබාසිනිය කරන බස් මාර්ගයන් අතරින් බස් මාර්ග අංක 154 බස් මාර්ගය ඉතා ප්‍රසිද්ධය. මෙම මාර්ගයේ බස්රථ තැනින් නැත නවතා සිටීම මගීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ විටින් විට පුවත් පත්වලද ලිපි පළවිය. නමුත් තවමත් එය එලෙසම සිද්ධවෙයි. නිසාම ඒ දිනපතාම මගියෙක් හා බස් කොන්දොන්තර නැතිනම් රියදුරකු සමග නවතා තැබීම නිසා පත්වන අපහසුතාවය පිළිබද ගැටීම මෙම මාර්ගයේ ඉතා සුලභ සිදුවීමකි. දිගින් දිගටම සිදුවන මේ ක්‍රියාවලියේ සුලමුල තම නම හෙළිනොකළ බස්රථ රියදුරකු විසින් අප වෙත හෙළිකරන ලදී. ඔහු හෙළිකර කරුණු වලට අනුව මෙය සම්පුර්ණයෙන්ම මාෆියාවකි.

ඔහු හෙළිකර පරිදි මෙහි ඇතුලාන්තය මෙසේය. කිරිබත්ගොඩ සහ අඟුලාන අතර දුර කිලෝමිටර් 18 කි. එම කිලෝමීටර් 18 ගෙවීමට ඔවුන් වෙත ලබාදී ඇති කාලසීමාව පැය 1 යි විනාඩි 35 කි. මෙම මාර්ගයට අනුයුක්ත සමස්ථ බස් ගණන 87 කි. නමුත් මේ කාලසීමාව ඇතුළත කිසිඳු විටෙක ගමන් ගන්නේ නැත. ඊට හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කරන හේතුව අරුම පුදුමය. එවිට රටේ නීතිය පවතින්නේ තිඛෙන්නේ කෙහේදැයි ප්‍රශ්ණයක් නැගෙයි.

ඔවුන් කියන්නේ සුදු අයියාට බස් 7 ක් තියෙනවා මේ රූට් (මාර්ගයේ) එකේ. එයාගේ බස්වලට ඉස්සර කරලා ස්ටෑන්ඩ් ගුටිකන්න බෑ. අපිත් කැමති ටිකක් ඉක්මනින් ගිහින් ඉස්සරහා ඉන්න ලෝඩ් එක (සෙනග) ගන්න ඒත් එහෙම කරන්න බෑ. ඒ නිසා තමයි තැනින් තැන විනාඩි 5 වගේ ඉදලා යන්නේ. හදිස්සියේ සුදු අයියාගේ බස් එකක් කැඩිලා තිබුනොත් ඒක පහුකර ගෙන යන්න රු. 300 - 400 දෙන්න වෙනවා. අපි අපේ අයිතිකරුවන්ට දවසට 5500 හොයලා දෙන්න ඕනේ. එයාලගේ බස් ඩ්‍රයිවර්ලා 7000 දවසට හොයලා සුදු අයියට දෙන්නේ ඕනේ. නැතිනම් එයාලටත් කන්න තමයි වෙන්නේ (පහර දීමට). ඒ එහි ක්‍රියාත්මක වන නීතියයි.

නීතියටත් ඉහළින් ඉන්න සුදු අයියා කවුද ?

සුදු අයියා යනු නිමල් රංජිත්ය. මර්වින් සිල්වා ඇමතිවරයාගේ සමීපමතමයෙක් වන අතර ඔහු මර්වින් සිල්වාගේ මැතිවරණ සහ අනෙකුත් ක්‍රියාකරකම් සඳහා අතදිග හැර මුදල් වියදම් කරයි. ඔහු (නිමල් රංජිත්) මීට කලකට පෙර ගීත කීපයක්ද ( Watch Video) ගායනා කර තිඛෙන අතර කිරිබත්ගොඩ නගරයේ කැරොකේ සමාජ ශාලවක්ද ඔහුට ඇත. කලකට ඉහතදී හෙරෙයින් අලෙවි කිරීම සහ තරුණියන් ගණිකා වෘත්තියේ යෙදවීම සමබන්ධයෙන්ද චෝදනාද ඔහුට එල්ලවී ඇත. 154 මාර්ගයේ ඔහුගේ බස්රථ 7 ක් ඇති අතර ඒ සියල්ල ධාවනය වන්නේ එන් එන් ටූවර්ස් යන නාමය යටතේය. එහි හිමිකාරුවා වන්නේ සුදු අයියා හෙවත් නිමල් රංජිත් යන නැමැත්තා වෙයි. ඔහු මෙතරම් බලයක් අතට ගෙන ක්‍රියාකරන්නේ මර්වින් සිල්වාගේ රැතවරණය යටතේය.

මේ සිදුවන අකටයුතු ක්‍රියාව නිසා අපහසුතාවට පත්වන්නේ මෙම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ය. එක් අතකින් මෙය පුදුම වන්නට දෙයක්ද නැත. රාජපක‍ෂ රෙජීමයේ නීතය වන්නේ අවනීතිය නිසාවෙනි.

Tell a Friend