සැබෑ බන්දනාගාර (අංක 14); පිරිටන්, පැනඩෝල් විතරයි.

හර්ෂි සි. පෙරේරා
නිලුකා ප්‍රියදර්ශනී.

තරිදු ලසන්ත දිසානායක 22 හැවිරිදි තරුණයෙකි. හෙතෙම රැකියාව ලෙස ත්‍රීවිලර් අලුත්වැඩියාවේ නිරත වේ. ඔහු ළදරුවියේදී බද්දවිතිබු පාද ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදී. හෙතෙම කුඩා කල සිට ඇදුම රෝගයෙන් පෙලේ.

ඔහු බන්දනාගාර ගතවුයේ උඩුගම පොලිසිය, ගම් බට්ටි දීපානි ජයසේකර සතුටු කරන්නට දැමු බොරු නඩුව නිසාය.

තරිදු ගාල්ල රිමාන්ඩ් බන්දනාගාරයේ මාස 1 1/2 ක් සිටියේය. ඔහු සිටියේ H වට්ටුවේය.

තරිදු කියන ආකාරයට බන්දනාගාර නිලදාරීන් ඔහුට පහර නොදුන්නද රැදවියනට පහර දෙන අවස්ථා ඇති බවයි. H වාට්ටුවේ ඉඩ පහසුකම් කිසිසේත් ප්‍රමාණවත් නැත. පරණ රැදවියන් සියලු පහසුකම් බුක්තිවිදින අතර අපට ඔවුන්ට යටත්ව ජීවත්වීමට සිදුවිණයි තරිදු කියයි. තරිදුට ඇස් ලෙඩ සහ උන රෝගය වලදී ඇත. ඔහු බන්දනාගාර රෝහලේ දින 08 ක් ප්‍රතිකාර ලබා ඇත. එහි තියෙන එකම බෙහෙත් වර්ග දෙක ප්රිටන් සහ පැනදොල්ය.

කන්න ප්‍රමාණවත් කෑම දෙනමුත් ඒවා කන්නට බැරිය. වැසිකිලි ඉතාම අපිරිසිදුයි. නාන්න දෙන පසුකම් ඉතාම දුෂ්කරයි. නාන්න දෙන්නේ සීමිත වතුර බකට් ගණනකි.

තරිදු සමග ඔහුගේ සොහොයුරන් වන සිසිර කුමාර දිසානායක(26) සහ නාලක බණ්ඩාර දිසානායක(24) මෙම බොරු නඩුවටම රිමාන්ඩ් බන්දනාගාර ගත කරනු ලැබිණි. තරිදුගේ මව ඇතුළු පවුලේ සියලුදෙනා සිටින චයාරුපය පහතින් දැක්වේ. තරිදුගේ පියා ඔවුන් කුඩා කල මියගොසිනි.

Tell a Friend