ඒ. ටි. එම්. මුදල් මංකොල්ලය වරදී.


කිෂානි වැලිවිටිගොඩ 
  බ්‍රසීලයේ සාඕ පෞලෝ හි සුපිරි වෙළඳ සලක පිහිටි ඒ. ටි. එම් යන්ත්‍ර වලින් මුදල් මංකොල්ල කෑමට පැමිණි අපරාධකරුවන් 15 ක් හා බ්‍රසීල පොලිසිය අතර ඇති වූ ගැටුමෙන් අපරාධකරුවන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. සිකුරාදා(05) සාඕ පෞලෝ හි උතුරු ප්‍රදේශයේ 15 දෙනෙකුගෙන් සමන්විත මෙම මංකොල්ල කරුවන් කණ්ඩායම බ්‍රසීල පොලිස් නිලධාරීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සමග ඇති වූ ගැටුමෙන් පොලිස් වෙඩි පහරින් මංකොල්ල කරුවන් 6 දෙනෙකු මිය ගිය අතර තවත් 9 දෙනෙකු පලා ගිය අතර පසුව එක්‌ අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ බව පුවත් සේවා වාර්තා කරයි.

මෙහෙයුම සිදුවන අවස්ථාවේදී සුපිරි වෙළඳ සැලෙහි නඩත්තු කටයුතු සිදු කරමින් සිටි සේවකයින් තිදෙනෙක් ඇපකරුවන් ලෙස රඳවා තබා ගත් අතර පසුව කිසිදු හානියකින් තොරව ඔවුන්ව නිදහස් කළේය.

ඒ. ටි. එම්. මුදල් මංකොල්ල සිදු වීම් බ්‍රසීලය පුරාම ව්‍යාප්තව පවතී.

මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා ඒ. ටි. එම්. යන්ත්‍ර 93 කට ආසන්න ප්‍රමාණයක් පුපුරුවා හැර මුදල් මංකොල්ල සිදු වී ඇති බැවින් සාඕ පෞලෝ ඉතා අඩු
ඒ. ටි. එම් යන්ත්‍ර ප්‍රමාණයක් මහජනයා සඳහා පිහිටා ඇත.

මෙතෙක් බ්‍රසීලයේ සාඕ පෞලෝ, රියෝ දේ ජෙනේයිරෝ , මිනස් ගෙරිස් ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදු වූ ඒ. ටි. එම්. මුදල් මංකොල්ල කෑම් නිසා සිදු වූ ගැටුම් වලින් අපරාධකරුවන් 15 දෙනෙකු මිය ගිය අතර 60 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

Tell a Friend