එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේඛම් ජපානයේ න්‍යෂ්ටික කලාපයේ සංචාරයක

ජපානයේ සිදු වූ භූමිකම්පාව සහ සුනාමිය නිසා එරට වැසියන් 24,000 ක් පමණ මිය ගිය අතර න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව ජීවත් වූ 80,000 ක් පමණ වන නිවැසියන්ට එම නිවාස හැර යන්නට සිදු විය. සඳුදා දින බෑන් කි මූන් මහතා එම ජනතාව මුණගැසීමට නියමිතය. 
කිෂානි වැලිවිටිගොඩ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේඛම් බෑන් කි මූන් මහතා අද (07) උදැසන ජපානයේ ටෝකියෝ නුවරට ළඟ වුනු අතර සවස් භාගයේ ඔහු ෆුකුශීමා න්‍යෂ්ටික කලාපය නැරඹීමට කටයුතු යොදා තිබුණු බවට ඒ. ෆ්. පි. වාර්තා කරයි.

ජේෂ්ට විදෙස් නායකයින් අතර ඇමෙරිකානු ජනාධිපති මාර්තු 11 වන දින ජපානයේ ඇති වූ රික්ටර් මාපාංක 9.0 සිදු වූ භුමිකම්පාවෙන් ඇති වූ සුනාමි තත්වය නිසා ජපානයේ ෆුකුශීමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දු වීමේ සිද්ධියෙන් පසු මෙම බලාගාරය නැරඹීමට සැලසුම් කොට තිබුණි. භූමිකම්පාවේ ප්‍රබලතාවය හේතුවෙන් හට ගත් සුනාමි තත්වය නිසා ෆුකුශීමා න්‍යෂ්ටික බලාගාරයේ සිසිලන පද්ධතිය ක්‍රියාවිරහිත වීම විකිරණ කාන්දු වීමට හේතු විය.

ජපානයේ සිදු වූ භූමිකම්පාව සහ සුනාමිය නිසා එරට වැසියන් 24,000 ක් පමණ මිය ගිය අතර න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව ජීවත් වූ 80,000 ක් පමණ වන නිවැසියන්ට එම නිවාස හැර යන්නට සිදු විය. සඳුදා දින බෑන් කි මූන් මහතා එම ජනතාව මුණගැසීමට නියමිතය.

න්‍යෂ්ටික ආපදාව සිදු වී මාස 5 ක් ඉක්මවා ගියත් ජපාන් අධිකාරිය විසින් තවමත් න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියක වල ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටි.

Tell a Friend