තවත් අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදුකල මරා දැමීමක්?

හර්ෂි සි. පෙරේරා
නැවතත් පොලිසිය දඩුවම් පැමිණවීමේ ක්‍රියාදාමය තමන් පිට පවරාගෙනද? මිට සති දෙකකට පමණ පෙර පුද්ගලයෙක් පොලිස් සිර මැදිරියේ ගෙල ලාගෙන මිය ගියේය. එය මරා එල්ලා දැමීමක් බවට දැඩි සැකයක් ඇතිවිණි. මෙන්න අලුත්ම සිද්දිය.

දරුණු අපරාධ රැසකට සම්බන්ධ දකුණු පළාතේ කුප්‍රකට පාතාල නායකයෙකු ලෙස සැලකුණු "නෙළුව ප්‍රියන්ත" නැමැත්තා විශේෂ කාර්යය බලකා වෙඩි පහරකින් මියගොස් තිබේ.

ඊයේ(03) පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කරනු ලැබීය.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී සූරියකන්ද, මෝනින්කන්ද ප්‍රදේශයේ සඟවා තිබූ ගිනි අවි කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

ඒ පිළිබඳ සොයාබැලීමට ගිය අවස්ථාවේ දී සැකකරු විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර ආරක්ෂාව සඳහා සිදුකළ වෙඩි තැබීමේ දී තුවාල ලැබූ සැකකරු සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම සැකකරු පුද්ගල ඝාතන 25 ට පමණ චෝදනා ලැබ ඇති අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු ලෙස ද කටයුතු කර තිබේ.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ඩැනී හිත්තැටියගේ මහතාගේ ඝාතනයට ද සැකකරුගේ සම්බන්ධයක් ඇති බව පොලිසිය පැවසීය.


Tell a Friend