නුවන්ට සමාව දෙයි. එලියන්තන් වයිට් ආරක්ෂා කරයි.

හර්ෂි සි. පෙරේරා
නාවික හමුදා අත්අඩංගුවේ පසු වූ නාවික හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩක නුවන් හෙට්ටිආරච්චිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමාව ප්‍රදානය කර තිබේග නාවික හමුදා රගර් කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී නීත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත් නොවී මහනුවර කණ්ඩායම නියෝජනය කිරීම නිසා නුවන් හෙට්ටිආරච්චි නාවික හමුදාව විසින් රඳවා ගනු ලැබ තිබුණිග නාවික හමුදා රග්බි කණ්ඩායමේ සාමාජිකයකු වූ මොහු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම් නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සඳහා ද සහභාගි වී ඇත.

නුවන්ට සමාව දීම පැසසිය යුතුය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපුල් තරංග පත්වූ ඉරණම සම්බන්දයෙන් වගකිවයුතු හොර දොස්තර එලියන්තන් වයිට් සම්බන්දයෙන් රාජපක්ෂ නිහඩ පිළිවෙතක් දරයි. සංගක්කාරගේ කැමැත්ත පරිදි එලියන්තන් වයිට්ගේ සහය ශ්‍රී ලංකා කණ්ඩායමට ගත්බවට ආණ්ඩුව කීදේ අපට මතකය. සංගක්කාරගේ එංගලන්ත එයිතිහාසික දේශනය හරහා එසේ කි ආණ්ඩුවේ රෙදි දැන් ගැලවී ඇත.

රාජපක්ෂ සහ ඔහුගේ ගෝලබාලයින් එක් දෙයකට ඉතාම දක්ෂය. ඒ තමන් අතින් වැරැද්දක් වුවිට වෙනතකු වෙත පවරා තමා සුදනා වීමටය. රාජපක්ෂ දිගින් දිගටම කලේ මෙයයි. ලංකාවේ බහුතරය වූ සිංහල ජනයා තව දුරටත් රැවටිය හැකි බව කවුරු නොදනිතත් රාජපක්ෂලා මනාව දනිති.



Tell a Friend