මිනිසුන් බල්ලන්විම.

හර්ෂි සි. පෙරේරා


පසුගිය දිනවල දැඩි ලෙස රෝගාතුරව සිටි නවම් මහා පෙරහැරේ කරඬුව වැඩමකරවන කොළඹ-ගංගාරාමයේ ,නවම් රාජා, හස්තියා අද:08 පෙරවරුවේ මරණයට පත්විය. ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව මෙම හස්තියාගේ අවසන් කටයුතු සිදුවූ බව සඳහන්ය.

පහත සිදුවීම උතුරු නැගෙනහිරය. නැතිනම් අපේ දෙවන පුරවැසියන් නොවන එසේයි සිතා සලකන අප වැනිම මිනිසුන් සිටිනා ඉසවුවේය.

මානිප්පායි හි දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයෙකුගේ නිවසට ඊයේ 07 රාත‍්‍රීයේ අසූචි ප‍්‍රහාරයක් එල්ලවී ඇතැයි ද පැවසේ. එසේම තවත් අපේක්‍ෂකයෙකුගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙහි මරාදැමුණු බල්ලෙකුගේ හිසක් සවිකර ගොස් තිබේ.

එම සන්ධානයේ වඩමරාච්චි අපේක්‍ෂකයාගේ නිවස ආශ‍්‍රත මාර්වල රාත‍්‍රිකාලයේ නා`දුනන පුද්ගලයන් යතුරු පැදිවලින් සැරිසරන බවද පැවසේ. මීට පෙර අචාර්ය සිටි රම්බලම්ගේ ගෙවත්තේ ළිදට පාර්සලයක ඔතන ලද මියගිය බල්ලකුගේ මල සිරුරක් දමා තිබූ බවද වාර්තා විය.

දකුණේ පැවති සත්වය කරුණාව උතුරට යනවිට මිනිසුන් තිරිසනුන්ගේ තත්වයට පත්වී ඇත. එක පැත්තකින් දකුණේ සිද්දිය ආගම අදාර කරගෙන සමාජයට ලෝකයට තම කුහකත්වය වසන් කිරීමට ගන්න විලිලජ්ජ නැති වෑයමකි. නැතිනම් උතුරේ බල්ලන් මේ ආකාරයට මරා දමා තවත් අප වැනිම මිනිසුන් පිරිසක්ට පිඩා වන ආකාරයට හැසිරෙන්නේ නැත.

මේවට වචනයකින් හෝ විරුද්ද වෙමු. මේවා ගැන කතා කරමු. මේ මොහොතේ අප සතුව ඇති එකම විසදුම එයයි.







Tell a Friend