කොන්ගෝ ස්ත්‍රී දුෂකයා බාර වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ මහා පරිමාණ ස්ත්‍රී දුෂණ පිළිබද චෝදනා ලැබූ හමුදා කනල්වරයා හමුදාවට බාර වී ඇත. කනල් නිරාගී කිෆාරු කුලුමුස්හි සමග ඔහුගේ සටන්කාමීන් 150 කට වැඩි පිරිසක් ඔහු සමග ස්ත්‍රී දුෂණ චෝදනා සම්බන්දයෙන් බරවූ බව වාර්තා වේ.

හමුදාවට සම්බන්ද වූ හිටපු කැරලිකරුවන් තමන්ට ලිංගික අතවර කල බව කාන්තාවන් 100 ක් පමණ ගිය මාසයේ චෝදනා කළහ.

ගිය වසරේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය හැදින්වුයේ ලොව ස්ත්‍රී දුෂණ අගනුවර ලෙසයි.

නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජයේ 16 වසරක කැරලිකාරී තත්වය නිසා පුළුල්ව කාන්තාවන්ට සහ තරුණ ගැහැණු ළමුන්ට සිදුවූ ලිංගික අතවර සම්බන්දයෙන් ඉතා බයානක ස්ථානයක් විය.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා





Tell a Friend