"මේකට අහවලා නෙමෙයි අහවලා දාන්න" - මහා ඉස්පිරිතාලෙන්.

හර්ෂි සි. පෙරේරා
මේ දක්වාම කොලබ ජාතික රෝහල සාමාන්‍ය ජනයාගේ විශ්වාසය දිනා ගැනීමට සහ ප්‍රසාදය දිනා ගැනීමට හේතු විය. එයට එක් හේතුවක් වුයේ එහි අද්‍යක්ෂ හෙක්ටර් වීරසිංහ මහතාය. අමිල ගුණරත්නයන් ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය හරා ඔහුව ඉතා අව්‍යාජ ඇගයීමකට ලක් කළේය. දැන් එයට කන කොකා හැඩීමට යයි. කියවන්න පහත පුවත. මෙය උපුටා ගත්තේ ලංකා ගොසිප් වෙබ් අඩවියෙනි.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ධූරය දරා වෛද්‍ය හෙක්ටර් වීරසිංහ විශ‍්‍රාම ගියේ පසුගියදාය.ඊළ`ගට ඔහු වෙනුවට එන්නේ කවුද?

රටේ කතාබහට ලක්වන වැදගත් තනතුරක් බවට පත්ව තිබෙන නිසා මේ තනතුර සඳහා අධික ඉල්ලූමක් ඇතිව තිබේ. මේ තැනට එන්නට දැන් මහා පොරයකි.

ඒ අස්සේ දේශපාලන බලපුළුවන්කාරකම්ද හිස ඔසවන්නට පටන් ගෙන තිබේ.

වෛද්‍ය හෙක්ටර් වීරසිංහ විශ‍්‍රාම යද්දී වැඩබලන අධ්‍යක්ෂ ලෙස කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පත්කරන්නට නියමිතව තිබුණත් එකවරම එම තීරණය වෙනස්වී ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඊයේ (1)* සිට පත් කර තිබේ.ඇය ඇමති රාජිත සේනාරත්නගේ භාර්යාවයි.

මෙම තනතුර සඳහා අයදුම්පත් කැඳවීම ඉකුත් 25 වෙනිදා අවසන් කර තිබූ නමුත් යම් යම් දේශපාලන බලපෑම් මත එම කැඳවීම අහෝසි කර ඇත.

මෙම තනතුරට සමහරුන්ගේ අධික උනන්දුවක් ඇතිවීම නිසා මේ අවසන් දිනය අහෝසි කර ඇති අතර මේ සඳහා වඩාත් සුදුසු කිහිපදෙනෙකුම අයදුම්කර තිබියදී යළි එය වෙනත් දිනයකට කල් දමා ඇති බවත් මේ ගැන වෛද්‍යවරුන්ගේ විරෝධයක් මතුව තිබෙන බවත් වාර්තා වේ.


Tell a Friend