අනේ ජනාදිපති උතුමෝ වෙන මොනවා කියන්නද? කරන්නද?

හර්ෂි සි. පෙරේරා

ලොර්ඞ්ස් දේශනය සිදු කළ හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලංකාවේ ක‍්‍රිකට් පරිපාලනය විවේචනයකට ලක් කළේ යයි කියමින් පසුගිය දිනවල ඇතිවූයේ මහත් ආන්දෝලනයක්.

මේ නිසා කුපිත වූ ක‍්‍රිඩා ඇමතිවරයා මාධ්‍ය හමුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවටද අදහස් පළ කළා. කෙසේ වෙතත් පසුව ඔහු කියා සිටියේ මේ ගැන විනය පරීක්ෂණ නැති බවයි. සමහරු කිව්වේ සංගක්කාරට ෆොන්සේකාට වුන දේම සිද්ධ වන්නට යන බවයි.

නමුත් ඊයේ වාර්තා වුනේ මෙම දේශනය ගැන පළමුවරට ජනපති මහින්ද රාජපක්ෂගේ කරුණු දැක්වීමයි. ඉන්දියාවේ ප‍්‍රධාන පෙළේ පුවත්පතක් වන ‘ද හින්දු’ හි කර්තෘ එන්.රාම් ජනපති මහින්ද රාජපක්ෂ සමග සිදු කළ සම්මුඛ සාකච්ඡුාවකදී මේ දේශනය ගැන ඔබේ අදහස කුමක්දැයි විමසා තිබුණා.
ජනපති තුමා ඒ ගැන අදහස් පළකළේ මෙසේය

‘ඒක බොහොම හොඳ කතාවක්..මං එය අගය කරනවා. සමහරු ඒකට එක`ග වුණත් නොවුණත් ඔහුට ලංකාවේ ක‍්‍රිකට් ගැන තිබෙන අදහස එසේ පළකරන්නට අයිතියක් තිබෙනවා..සංගක්කාර කිව් සමහර දේවල් ගොඩක් අය අමතක කරලා..ඔහු කිව්වා එල්ටීටීඊය ත‍්‍රස්තවාදීන් වුවත් නිදහස් සටන් කරුවන් ලෙස වෙස් වළාගෙන කටයුතු කළ පිරිසක් බව. ලංකාව සිංහල මුස්ලිම් බර්ගර් සැමට එක ලෙස සලකන බව...’








Tell a Friend