ජනාධිපතිගේ හා නාමල්ගේ හොර මගඩි "සන්ඩේ ලීඩර්" යළි තහවුරු කරයි

කැමති ලෙසකට වැය කිරීම සඳහා නිශ්චිත විෂයකින් තොරව චීන රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 9ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියනයක්) ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාට සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත් පාර්ලිමේන්තු මන්තී්‍ර නාමල් රාජපක‍ෂ මහතාට ලබාදුන් බවට හෙළි කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් ජනාධිපතිවරයා, සන්ඩේ ලීඩර් ප්‍රකාශන සමාගමේ සභාපති ලාල් වික්‍රමතුංග මහතාට බැනවැදී තර්ජනය කළ බව එම පුවත්පත වාර්තා කරයි.

ජනාධිපතිවරයාට සහ ඔහුගේ පුත් නාමල් රාජපක‍ෂ මන්තී්‍රවරයාට චීන රජය විසින් රුපියල් බිලියනයක් ලබා දුන් බවට සන්ඩේ ලීඩර් පුවත්පත ඉකුත් සතියේ හෙළිදරව් කර තිබිණ.

"පට්ට පල් බොරු" යනුවෙන් ජනාධිපතිවරයා ලාල් වික්‍රමතුංග මහතාට බැන වැදිමින් ප්‍රකාශ කළද, ස්වකීය පුවත සත්‍යයක් බව සන්ඩේ ලීඩර් පුවත්පත සාක‍ෂි සහිතව අනාවරණය කර තිබේ.

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව උපුටා දක්වමින්, ලීඩර් පුවත්පත සඳහන් කරන්නේ එම මුදල් ලබාදීම ගිවිසුමට සම්බන්ධ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ චීන රජයේ වාණිජ උප අමාත්‍ය ෆු ෂියෑන් යන මහත්වරුන් ඉකුත් මාර්තු 16 වන දින අත්සන් කර තිබූ බව ද පුවත්පත කියයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක් ලබා දුන් මෙම ගිවිසුවේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 03ක් වැය කළ යුතු ආකාරය පමණක් නිශ්චිතව සඳහන් වේ. එයින් ඇමෙරිකානු ඩොලර් මිලියනක් ගං වතුරෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ද, ඇමෙරිකානු මිලියන 02ක් සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික අධ්‍යයන ආයතනය සඳහා ද වැය කළ යුතු බව සඳහන් කර තිබේ.

ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන නමයෙන් 04 ක් ජනාධිපතිවරයාට අවශ්‍ය කාර්යයන් සඳහා ද, ඩොලර් මිලියන 05 ක් නාමල් රාජපක‍ෂ මන්තී්‍රවරයාගේ කැමැත්ත පරිදි තොරතුරු තාක‍ෂණය ප්‍රචලිත කිරීමට ද හැකි බව චීනය ප්‍රකාශ කර තිබූ බව අනාවරණය වේ.

එකී පුවත සම්බන්ධයෙන් කෝපයෙන් යුතුව තර්ජනය කළ නමුත්, චීත රජය එසේ මුදල් ලබා දුන්නේ කවර පදනමක් මතද යන්න පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අසමත් වූ බව ද ලීඩර් පුවත්පත සඳහන් කරයි.

ශී්‍ර ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙසේ විදේශයන් විසින් කැමැති පරිදි භාවිතා කිරීමට රාජ්‍ය නායකයාට සහ ඔහුගේ පුත්‍රයාට මුදල් ලබාදීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පුවත්පත කළ විමසීමට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවත්, එසේ ලැඛෙන ප්‍රතිචාරයක් පළ කිරීමට පුවත්පත සූදානමින් සිටින බවත් සන්ඩේ ලීඩර් සඳහන් කරයි.

Tell a Friend