2011.07.08 දින මා නිවසේ නොසිටි අවස්ථාවක මොරටුව පොලිසියේ නිලදාරිනියක් හා නිලදාරියෙකු මගේ නිවසට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ අබාදිත දියණිය වන වෙදමුහන්දිරම්ලාගේ ඉනෝකා සුදර්ශනී (වයස 12) සහ මගේ වයස අවුරුදු 17 ක් වයසැති පොඩි පුතා පමණි.
එම පොලිස් නිලදාරිනිය සහ නිලදාරියා පැමිණෙන විට දියණිය බිම චිත්‍ර අදිමින් සිට තිබෙනවා. එම පොලිස් කාන්තාව දියණිය ලගට පැමිණ ඇවිදින්න බැරිද කියා අසා තිබෙනවා. දුව බැහැ කිවුවිට එම නිලදාරිනිය ඔයාට තාත්තයි අයියලයි කරදර කරනවද කියා අසා තිබෙනවා. දුව නැකියු පසු අම්මා කෝ කියා අසා ඇති අතර දියණිය අම්මා රට කියා පවසා ඇත. පසුව දුවව නාවන්නේ කවුද කියා අසා ඇත.දියණිය පවසා ඇත්තේ තාත්තා නාන තැනට ගෙනියනවා මම වතුර බටයෙන් නානවා කියයි. එවිට තාත්තට අපි ආපු බව කියන්න කියා ඔවුන් ගොස් තිබේ. පුතගෙන්ද පොලිස් නිලදාරියා ප්‍රශ්න කර ඇති අතර පුතාගෙන් අසා ඇත්තේ ගෙදර ඉඩම් ආරවුල් ගැනයි.
පසුව මා මොරටුව පොලිසියට ගොස් විමසා සිටි විට දැන ගන්නට ලැබුනේ විදේශික කාන්තාවක් විසින් අප දියණියට මාගෙන් හා පුතාලගෙන් හිරිහැර වන බවට පැමිණිලි කර ඇති බවයි.
ජනසංසදය

Post a Comment