කවුද උදයන් ප්‍රවුර්ති කතෘට ගැහුවේ?


හර්ෂි සි. පෙරේරා

මේ වනවිට ප්‍රහාරයට ලක්වූ උදයන් කතෘගේ තත්වය අනතුරුදායක බැවින් මිදුණු බව යාපන රෝහලින් වාර්තා වේ. ඒ සමගම ජනාදිපති රාජපක්ස අදාල ප්‍රහාරය ගැන පොලිස් ලොක්කට කඩිනම් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කිවූ බවද වාර්තා වේ.

මේ සිද්දිය රාජපක්ෂ පාලනයේ මාද්‍ය මර්දනයට එක්වූ තවත් නිහින ක්‍රියාවකි. මෙය මෙයින් නොනවතිනු ඇත. මානව හිමිකම් ආරක්ෂකයකු වූ පට්ටනි රාසික්ගේ මිනිය ගොඩගැනීමත් සමග කා අතරත් කතා බහට ලක්වූ මාතෘකාව වුයේ මාද්‍ය වේදී ප්‍රනීත් එක්නලිගොඩට මොකද වුනේ යන්නයි.

මේ සිදුවීම වන්නේ උතුරු නැගෙනහිර දෙමල ජනයා කොන්ද කෙලින් තබාගෙන රාජපක්ෂ පාලනයට විරුද්දව චන්දය ප්‍රකාශ කොට ඒ ජයග්‍රහණයේ උණුසුම මැකියන්නටත් පෙර වීම සුවිශේෂී කරුණකි. උතුරු නැගෙනහිර තවමත් මහා පරිමාණයෙන් හමුදා රැදී සිටි. තවද මෙම පළාත් සබා දෙකේම අග්‍ර ආණ්ඩුකාරවරු හිටපු හමුදා ලොක්කන්ය. චන්දය සිදුවුයේ හමුදාව විසින් ද්‍රවිඩ ජනයා බිය වැද්දු සිද්දීන් ගණනාවක් මාද්යේය. ඒ අතර අපේක්ෂකයින්ගේ නිවෙස්වල මැරුණු බල්ලන්ගේ හිස් ගෙන ගොස් ප්‍රදර්ශනය කිරීමද සිදු විය.

ලසන්ත වික්‍රමතුංග ගාතනයෙන් පසුවද දෙඩු නරිවාදන් වුයේ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නටය. මේ බයිලාව දැනුත් ගසා ඇත. නමුත් සිද්දිය කාගේ වැඩක්ද කාගේ සහය ලබුනේදැයි දන්නෝ දනිති.

Tell a Friend