නීතිපති නිදි. රැදවියන් උපවාසයේ !


හර්ෂි සි. පෙරේරා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ‍ජෙනරාල් වීගආර්ග ද සිල්වා මහතා කියා සිටියේ මේ වන විට වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක නිරත වීම පිළිබඳව ද නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි.

වව්නියාව බන්ධනාගාරයේ සිටින ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත් රැඳවියන් සිව් දෙනෙකු පළමුව උපවාසයේ නිරත වු අතර එම උපවාසයට ඊයේ දිනයේ සිට තවත් රැඳවියන් තිස් දෙනෙකු පමණ එක්ව තිබේ.

එකක් මතක තබා ගත යුතුය. නීතිපති නිදා සිටින නිසා නීතියේ ගල් වලින් සැදුන තාප්පවලට කොටුවී සිටින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් රැදවියන් සම්බන්දයෙන් පමණක් නොවේ. සෙසු පනත් යටතේ අත්අඩංගුවට ගත් සිංහල රැදවියන්ගේ තත්වයද මෙබදුය. මෙය ශ්‍රී ලංකාවේ නිතිය කෙතරම් සෝදාපාලුවකට ලක්වී ඇත්ද යන්න මැනවින් පිලිබිබු කරයි.



Tell a Friend