අගමැතිගේ කුඩු ප්‍රකාශය


මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා දේශපාලනඥයින් බොහෝ දෙනෙක්‌ සහාය දක්‌වන්නේ යෑයි තමන් පිළිගන්නා බව අගමැති දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙය බරපතල ප්‍රකාශයකි. අපිට ප්‍රශ්නයක් ඇත. එනම් සි අයි ඩි එක කොහෙද යන්නයි. ඇයි ඔවුන් දී මු ගෙන් මේ ගැන ප්‍රශ්න නොකරන්නේ. මෙය සාමාන්‍ය පුද්ගලයෙක් කළා නම් මෙලහකට හතර වෙනි තට්ටුවට ගෙනිහිල්ලා.

පාර්ලිමේන්තුවේ සිටින බයානකම කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා මර්වින් සිල්වා සහ දුමින්ද සිල්වා වේ. එය මුළු රටම දනී.

ජනතාවට එක දෙයක් කල හැක. එනම් මිට පස්සේ ගරු මන්ත්රිතුමයි කියා ලියනවිට වරහන් ඇතුලේ කුඩු කාරයා ලෙස දැමිය හැක.

හර්ෂි සි පෙරේරා. Tell a Friend